රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.
මුල් අදියර යටතේ එවන් කැමරා 1,500ක් ගෙන එන බව පොලිස් රථවාහන හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
මෙම කැමරා ගෙන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ සවිකිරීමට කටයුතු කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවන්වලදී අනවශ්‍ය වැඩ කරනවාද? එසේත් නැතිනම් අව්ව සැර වීමේදී කැප් එක ගලවා අසල ඇති වෙළඳසැලකට රිංගාගෙන සිටිනවාද? යන්න පිළිබඳ සොයා බැලීමට නොවන බව රන්මල් කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.
– ගයාන් කුමාර වීරසිංහ