Sat. Jan 4th, 2025

මේ වසර තුළ අලි මරණ 350 ක් – වැඩිම මරණ වෙඩි තැබීම් වලින්..!

මේ වසර තුළ අලි මරණ 350 ක් – වැඩිම මරණ වෙඩි තැබීම් වලින් – වනජීවීයේ ඉහල පුටුවල තාමත් අසාර්ථක නිලධාරීන්.!

මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින් වන අතර එම සංඛ්‍යාව, 70 කට ආසන්න බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් ඇති අතර හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 ක් සහ දුම්රියේ ගැටී අලි සංඛ්‍යාව, 10 ක් ලෙස වාර්තාවී තිබෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මෙම සතියේද විදුලි මාරයාට තවත් වන අලියෙකු බිලිවී තිබුනා.

2024.12.26 දින අලුයම ඇලහැර 12 කණුව ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ විදුලි රැහැනක පැටලී අඩි 9.5 කට ආසන්න වයස අවුරුදු 35 ක් පමණ පිරිමි වන අලියෙකු අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *