Wed. Feb 5th, 2025

මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ තව දුරටත්..!

දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහකොමසාරිස්වරුන් 16 දෙ‌නකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්කිරීමේ නව රජයේ දැක්ම අනුව ඔවුන් කැඳවූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර සඳහන් කරයි.

දේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බව නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද සමරසිංහ මහතා අැමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ තව දුරටත් තබා ගැනීමට රජය තීරණය කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

පසුගිය කාලසීමාවේ දී තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවීමට රජය පියවර ගත්තේය.

විදෙස් ධුත සේවය සක්‍රීය සේවයක් කිරීමේ අරමුණින් ඇතැමුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *