Sat. Jan 11th, 2025

මන්ත‍්‍රී අර්චුනාට මහ පාරේ කරදරයක් – වාහනේ පාර මැද තියන් ලොකු වචන හුවමාරුවක්..!

යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා නැවත වතාවක් ආරවුලක පැටලී ඇත. ඔහුගේ වාහනය තවත් වාහනයක ගැටී මහ මගදී සිදුව ඇති අනතුරක් සම්බන්ධයෙන් මහ මඟදී මෙම ආරවුල ඇතිවී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ සමාජ ජාලවල හුවමාරු වේ.

 

මේ වන විට නව පාර්ලිමේන්තුවේ විවිධ සිදුවීම් කිහිපයකටම නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන් සම්බන්ධ වීම හේතුවෙන් ඔහු ඉමහත් ආන්දෝලනායකට ලක්ව ඇති මන්ත්‍රීතුමෙකි.

එමෙන්ම පසුගියදා ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව අසුන් වෙන් කර නොතිබූ බැවින් ඊයේ (21) දිනයේ මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබූ අතර එහිදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවී සිටියේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරියෙකු පැමිණ එය සම්ප්‍රදායානුකූලව විපක්ෂනායකවරයා හට වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම් දුන්නද ඔහු එම අසුනින් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ අතර එහිදී ස්වාධීන මන්ත්‍රීවරයා කටයුතු කළ ආකාරය සමාජ මාධ්‍යන්හි පවා දැඩි කතාබහට ලක්විය.

ඔහු යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම අංක 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බැවින් එම කමිටුව ඉදිරිපත් කරන වාර්තාව අනුව කටයුතු කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුවේදී රාමනාදන් මහතා මතුකළ අදහස් දැක්වීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.
තමන්ට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම සඳහා විපක්ෂය විසින් වෙලාව වෙන් නොකරන බවත් මේ සම්බන්ධයෙන් තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළද මෙතෙක් එම ප්‍රශ්නයට විසඳුමක් ලැබී නොමැති බවත් අර්චුනා රාමනාදන් මහතා මෙහිදි පැවසීය.
එමෙන්ම සිය අදහස් දැක්වීම සඳහා වෙලාව වෙන් නොකරන්නේනම් යාපනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමේ තේරුමක් නොමැති බව ද අර්චුනා රාමනාදන් මහතා පැවසීය.

මීට පෙර යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුන මන්ත්‍රීවරයා පසුගිය 26 වෙනිදා කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවිය.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින් අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේදී අර්චුනා මන්ත්‍රීවරයා සහ කිලිනොච්චිය තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව මහතා අතර මෙම බහින්බස් වීම සිදු වූ අතර සහදේව මහතාට තවත් රජ්‍ය නිලධාරීන් පිරිසක් සහය දක්වා අර්චුන මන්ත්‍රීවරයාට විරෝධය පෑමක් සිදුවිය.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයේදී අද මෙම සංවවර්ධන කමිටු රැස්වීම පැවති අතර ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර උතුරු පලාත් ආණ්ඩුකර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආර්කෂක නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව මහතා සහ මන්ත්‍රී අර්චුනා අතර ඇති වූ බහින්බස්වීම පසුව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් විසින් සමතයකට පත්කරන ලදි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *