Wed. Jan 15th, 2025

ඇමෙරිකාවේ ලැව් ගිනි වලින් පුදුම සහගත ලෙස බේරුනු අප්‍රිකානු දුප්පත් දරුවන්ට උදව් කරන ආගමික පියාගේ නිවෙස.!

අමෙරිකා එක්සත් ජනපදය මේ දිනවල ඛේදනීය ඉරණමකට මුහුණ දී සිටියි. ඒ, එක් පසෙක සීතලත්, තවත් පසෙක තවමත් නොනිවුණු ගින්නත් සමගිනි. වසර ආරම්භයේදීම එරට දකුණු දිග කලාපයට අධික හිම පතනයක්,හිම කුණාටු සහිත ශීතාධික කාලගුණයක් බලපෑවා අතර තවමත් එම තත්ත්වය සමනය වී නැත.

ඒ අතරේදී වාරයේ මෙලෙස එරට කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ආශ්‍රිතව දරුණු ලැව්ගින්නක් හටගත්තේය. ආරම්භයේ දී සක්‍රීයව පැවති ලැව්ගිනි 7න් පැලිසේඩ්, ඊටන් සහ හර්ස්ට් ළැව්ගිනි තවමත් නිවන්නට හැකිව නොමැත. ඒ අතරින් පැලිසේඩ් සහ ඊටන් ලැව්ගිනි තවමත් පවතින්නේ පාලනයෙන් තොරව ය.

අමෙරිකානු ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස වාර්තා අලුත් කළ මෙම ළැව්ගින්නෙන් අක්කර 40,000 ඉක්මවූ භූමි ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී අවසන්. කාලගුණ අංශ අනාවැකි පළකරන්නේ කලාපයේ හමායන සැන්ටා ආනාස් සුළං ධාරාව නිසා ලැව්ගිනි පාලනය තවදුරටත් අසීරු වනු ඇති බවයි.

අමෙරිකානු ඉතිහාසයේ ලියැවෙන, ලොස් ඇන්ජලීස් ආශ්‍රිතව පැතිර යන පැසිෆික් පැලිසේඩ් ලැව්ගින්න ආරම්භ වූයේ පසුගිය අඟහරුවාදායි. ඒ අනුව ළැව්ගිනි ආරම්භ වී අදට දින 6කි.

මේ අතර කැලිෆෝනියාවේ ලැව්ගිනි ව්‍යසනයකදී නිවසක් පමණක් නිරුපද්‍රිතයි..

නිවසේ හිමිකරු ආගමික මිනිසෙක් වන අතර අප්‍රිකාවේ දුප්පත් දරුවන්ට උපකාර කිරීම සඳහා පුණ්‍ය කටයුතු කරයි.
ගින්නෙන් ඉතිරි වූ නිවස, ගින්නෙන් මෙම නිවස බේරී ඇති බව පෙනේ.

බෞද්ධ කතාවල, නිවසේ හිමිකරුවන් බොහෝ විට ධාර්මික ක්‍රියා කරන, ආගමික විශ්වාසයන් ඇති නිවාස, භූමිකම්පා, ගිනි, සුළි කුණාටු වැනි විපත්ති වලදී එය බෝධිසත්වයන්, දේවදූතයන් සහ නීතිය විසින් අනතුරු වලින් ආරක්ෂා කර ඇති බව පෙනේ.

මෙය කර්මය රැස් කිරීමට සහ ධාර්මික භාවනාව, ආගම කෙරෙහි ඇදහිල්ල රැස් කිරීමට ද ආශිර්වාදයක් වන අතර, එයට ස්තූතිවන්ත වන අතර නිවසේ හිමිකරු සැමවිටම සාමයෙන් සිටින අතර, දේපළ අහිමි නොවී ගින්නෙන් බේරෙයි.

May be an image of 1 person and text

තවමත් සක්‍රිය පැලිසේඩ් සහ ඊටන් ලැව්ගිනි පාලනයට කැනඩාවේ සහ මෙක්සිකෝවේ ද සහාය ලබාගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර ලැව්ගින්නෙන් සිදුවූ මරණ ගණන 24 දක්වා ඉහළ ගොස් තිබේ.

බහුතර මරණ වාර්තා වී ඇත්තේ ඊටන් ලැව්ගින්න පැතිර ගිය කලාපයෙනි.

එමෙන්ම ලැව්ගිනි මැද 16 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවත් පැවසේ.

ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරවා ඇති සංඛ්‍යාව ලක්ෂයකට අධිකය.

දරුණුතම ළැව්ගින්න වන පැලිසේඩ් ලැව්ගින්නෙන් මේ වනවිට අක්කර 23,000 ඉක්මවූ භූමි ප්‍රමාණයක් විනාශ වී අවසන්.

එම ගින්නෙන් තවමත් පාලනය කර ඇත්තේ සියයට 13ක් පමණයි.

මේ වනවිට අක්කර 14,000 ඉක්ම වූ භූමි ප්‍රමාණයක පැතිර ගොස් ඇති ඊටන් ලැව්ගින්න ද පාලනයෙන් තොරව ව්‍යාප්ත වෙමින් ඇති අතර ඉන් පාලනය කිරීමට හැකිව ඇත්තේ සියයට 27ක ප්‍රමාණයක් පමණි.

ළැව් ගින්නෙන් විනාශ වී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 12,000 ඉක්මවයි.

පැසිෆික් පැලිසේඩ් ලැව්ගින්නෙන් මාලිබූහි පැසිෆික් වෙරළාසන්නයේ පිහිටි සෑම ගොඩනැගිල්ලක්ම පාහේ විනාශ වූ පසුබිමක කිසිදු හානියක් සිදු නොවූ ඩොලර් මිලියන 9කට ආසන්න වටිනාකමක් ඇති සුඛෝපභෝගී නිවසක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු අමෙරිකානු පිහිණුම් ශුරයෙකු වන ගැරී හෝල්ගේ නිවස ද ලැව්ගින්නෙන් විනාශ වී තිබේ.

එහි දී ඔහු දිනූ ඔලිම්පික් පදක්කම් 10ක්ද ගින්නෙන් විනාශ වී තිබුණි.

ඒ අනුව ඔහුට නව පදක්කම් කට්ටලයක් ලබා දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අමෙරිකානු ඉතිහාසයේ වැඩිම ආර්ථික හානියක් කළ ළැව්ගින්න ලෙස වාර්තා අතරට එක්වූ මෙම ලැව්ගින්නෙන් මේ වනවිට සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 150 ඉක්මවා තිබේ.

එරට කාලගුණ අංශ පුරෝකථනය කරන්නේ එළඹෙන බදාදා දක්වා පැයට කිලෝ මීටර 96ක් දක්වා වූ දැඩි සුළං වාර්තා විය හැකි බවයි.

ඒ අනුව ලැව්ගිනි පාලනය තවත් අසීරු වීමේ අවදානමක් ද පවති.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *