Wed. Jan 15th, 2025

පැහැරගත් සිසුවිය මුදවා ගැනීමට ගිය තරුණයාට පොලිසියේ ප්‍රණාමය.

පසුගිය දා තම ඥාති සහෝදරයෙකු විසින් දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ 19 හැවිරිදි සිසුවිය එම අවස්ථාවේදී බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රණාමය පුද කර තිබෙනවා.

එහිදී, විදුලි කාර්මිකයෙකු වශයෙන් අකුරණ ප්‍රදේශයේ තම රැකියාව සඳහා පිටත්ව ගිය මොහොමඩ් ඉසදීන් අර්ෂාඩ් අහමඩ් නැමති වයස අවු 25 ක තරුණයා, දවුලගල ප්‍රදේශයේ සපුගහයටතැන්න හන්දියට බස් රථයක නැගීමට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

සුපුරුදු බස් රථය මඟහැරීම හේතුවෙන් එම තරුණයා බස් නැවතුම්පළේ සිටියදී දවුලගල දෙසට ආ කළුපාට වෑන් රථයක් ඒ අසලින් නැවැත්වූ බවත්, ඒ සමඟම පාසල් යාම සඳහා පැමිණි සිසුවියන් දෙදෙනෙකු එම සිසුවියන් දෙදෙනා පසුකර යන අවස්ථාවේදී ඉන් එක් සිසුවියක වෑන් රථය තුලට දමා ගත් අවස්ථාවේදී මෙම තරුණයා වහා ක්‍රියාත්මක වී දුවඑන එම ස්ථානයට පැමිණ සිසුවිය පැහැරගත් පුද්ගලයාට පහර දෙමින් සිසුවිය බේරා ගැනීමට උත්සාහයක නිරත වන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබෙනවා.

එහිදී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් හා වෑන් රථයේ සිටි පුද්ගලයකු තරුණයා තල්ලු කිරිම හේතුවෙන් ඔහු වෑන් රථයෙන් ඇද වැටුණු බවයි ඔහු මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේ.

එහිදී ඔහු තම අත්දැකීම විස්තර කරනු ලැබුවේ මෙලෙසින්,

“මම ගිහින් කොල්ලගේ ඇඟේ එල්ලුණා. එයා මට ගැහුවා. ඒත් මම අතහැරියේ නෑ. ගැහැනු ළමයා එළියට ගන්න උත්සාහ කරද්දිම වෑන් එක ඇදලා ඉස්සරහට ගියා. මම එල්ලිලා ඉන්න නිසා ඒ අයට දොර වහන්න බැරි වුණා. ඒ කොල්ලා මට ගහන ගමන් මම අල්ලගෙන හිටිය අත හැපුවා. ඊට පස්සේ මාව වෑන් එකෙන් තල්ලු කරලා එළියට දැම්මා. වෑන් එක වේගයෙන් යන ගමන් මාව පාරට වැටුණා. මට තුවාල වුණා….”

මෙලෙස පැහැරගනු ලැබූ සිසුවිය ඊයේ (13) උදෑසන අම්පාර බස් නැවතුම්පොලේ බස් රථයක සිටියදී සොයාගත් අතර, ඇය සමග සිටි සිදුවිමිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, පැහැරගැනීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *