Wed. Jan 15th, 2025

” මට ඉන්න බෑ… මට මූණ දෙන්න බෑ කිව්වා ” ටික්ටොක් නිසා මව දරුපවුල හැර යද්දී දරුවන් 4 දෙනා රකින්න වෙහෙසෙන තාත්තා

ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය නිසා පවුලක් අතැර ගිය බිරිඳක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ දඹුල්ල සලුඅපුල්ලන වැව පාරෙන්.

පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇය විදෙස් රැකියාවක් සඳහා යොමු වුණේ සැමියා සහ දරුවන් සිව්දෙනා නිවසේ සිටියදීයි.

කාලයත් සමඟ බිරිඳ එක්වරම නිවසට ඇමතුම් ලබා ගැනීම නතර කර තිබෙනවා.

එහෙත් ටික්ටොක් වැනි සමාජ මාධ්‍යට බිරිඳ වීඩියෝ මුදාහරිමින් සතුටින් සිටින ආකාරයක් ඔහුට දැකගැනීමට හැකිවී තිබෙනවා.

ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහුට දැනගැනීමට ලැබී ඇත්තේ තම බිරිඳ එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

දවස් කිහිපයක් ඔවුන් සමග නිවසේ කාලය ගත කළත් එක් දෙනෙක මෙම කාන්තාව කුඩා දරුවා සමග පොළට ගොස් දරුවාට තැනක් පෙන්වා එම ස්ථානයේ ඉන්න යැයි පවසා ඉවතට ගොස් තිබෙනවා.

එදා සිට නැවත බිරිඳ නිවසට නොපැමිණි බවයි සැමියා පවසන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.

”ඉස්කෝලෙන් මට මෙයාව හම්බුනා. ඊට පස්සේ අපි දෙන්නා කොහොමහරි අවුරුදු දෙකක් විතර තිබ්බා මේ ආදරේ. ඒ කරලා කොහොමහරි ගෙදරටත් ආරංචි වෙලා මෙයාගේ කරලා කොහොමහරි දෙගොල්ලෝ කතා වෙලා මේ කසාද බැන්දා. ඒ කරලා බැඳලා මෙයා අපේ ගෙදර තමයි හිටියේ. මගේ ගෙදරට එක්කන් ආවා. මැටි ගෙදර තිබ්බේ. මැටි ගෙදරට එක්කන් ආවට පස්සේ කොහොමහරි ළමයි හතර දෙනෙක් බිහිවුණා. පිරිමි ළමයි හතර දෙනෙක් බිහිවුණා. ඊට පස්සේ කොහොමහරි ජීවත් වෙන්න අමාරු නිසා මේ රට යන්න තීරණය කළා. රට යන්න තීරණය කළාට පස්සේ අවුරුදු දෙකකට තමයි ගියේ. ඒ කරලා අවුරුදු දෙක සම්පූර්ණ වෙන්න මාසයක් වගේ තියෙද්දිත් දැන් අවුරුදු දෙක යනකම්ම කතා කරා.

ළමයින්ට කතා කරා. අල්ලපු ගෙදරකට කතා කරනවා. ඒ කරලා කොහොමහරි කතා කරන්නැතුව ගියා. ඒ කරලා මම ගියා විදේශ සේවා එකට. ඇයි මේ කතා කරන් නැත්තේ? එහෙඉන් කිව්වා දෙසැම්බර් විසි එක ලංකාවට ඇවිල්ලා කිව්වා. පොලිසියට මෙයා ගෙන්නෙව්වා. ගෙන්නෙව්වට පස්සේ මෙයා කිව්වා මේ. මට ඉන්න බෑ. මට ඉන්න බෑ කියලා. මට මූණ දෙන්න බෑ. මට ඉන්න බෑ කිව්වා. ඒ කරලා පොලිසියෙන් මෙයාට කිව්වා මේ ළමයි එක්ක ඉන්න. අනුන්ගේ ළමයි නෙමෙයිනේ. අම්මා කෙනෙක්නේ. යන්න කියලා. ගෙදර යන්න කියනකොට හරියටම දෙදාස් විසි හතරේ ජනවාරි හත. ඉරිදා දවසක්.

දවසක් ලමයා එක්ක මෙයා පොළට ගිහින් දරුවට එතන ඉන්න කියලා මෙයා ගිහින්. එදා ඉඳලා දැන් නෑ. මේ වෙනතුරු ගෙදර නෑ. ජීවත් වෙන්න යනවා බර ගාණක්. ඇඳුම් මස්සවන්න ඕනේ. ඉස්කෝලේ යවන්න ඕනේ. වැඩකට යන්න බැහැ. මට වැඩ කරන්න පුළුවන්. මේෂන් වැඩ කරන්නේ. මේ වැඩ කරන්න විදිහක් නැහැ. මේ ළමයි ඉස්කෝලෙන් ගන්න තියෙනවා. දොළහට ගන්න තියෙනවා එක්කෙනෙක්. පොඩිම එක්කෙනා දොළහට. අනිත් තුන්වෙනියා එකට. අර දෙන්නා නම් බස් එකේ එන්නේ. ඒ දෙන්නා එනකන් ඒ මම දෙකෙන් පස්සේ ගිහිල්ලා රෑ දහය වෙනකන් එහෙම පුළුවන්. ඔය ලඟපාත වැඩක් කරනවා. ඒ ඇරෙන්න යන්න විදිහක් නෑ.”

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *