අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ, හිටපු අගමැති ලේකම් එස්. අමරසිංහ ඇතුළු සිවු දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
2015 වසරේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ලබාගෙන එම මුදලින් 2015 වර්ෂයේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු කරමින් එම මුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇත.
Ada Derana
පෙර පුවත :
අනුර ප්රියදර්ශණ යාපා සහ බිරිද අත්අඩංගුවට ගනි..!
හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් 2014 වර්ෂයේ අග භාගයේදී බිංගිරිය හා නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් හට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් ලබා ගෙන එම මුදල් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා භාවිතා නොකොට 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා යොදවමින් මහජන මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හා පොදු දේපල පනතේ ගැනෙන වැරදි සිදු කිරීම හේතුවෙන් නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ 2025.01.23 වන දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විර්මශන සිදු කරයි.
මහින්ද අගමැති කාලේ හිටපු අගමැති ලේකම් අත්අඩංගුවට..!
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දරණ සමයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර එස් අමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු 2015ට පෙර පැවති රජයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව හිදිමින් රාජ්‍ය මුදල් අවභාවිත කල බවට සිදු කෙරෙන පරීක්ෂණයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇතැයි වාර්තා වෙයි.