Sun. Jan 26th, 2025

ගල්කිස්සේදී සිදුකළ වෙඩි තැබීමේ සැකකරු අත්අඩංගුවට‍ – විනාඩි 15න් බයික් රියදුරුව අල්ලා ගත් පොලිසියේ සුපිරි මෙහෙයුම..!

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුට ඝාතනය සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් පොරොන්දු වූවද ඉන් රුපියල් ලක්ෂ 2ක පමණ මුදලක් ලබාදී ඇති බවය.

ගල්කිස්ස සිරිපාල පාරේ දුම්රිය මාර්ගය ආසන්නයේදී පසුගිය ඉරිදා 24 හැවිරිදි ෂවිඳු විජේරත්න නම් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළේය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකළ අතර එය අසල වූ CCඨ්V කැමරාවකද සටහන් විය.

ඝාතනය සිදුකර විනාඩි 15ක් පමණ කාලයක් තුළදී පොලිසිය විසින් වෙඩිකරු බවට පවසමින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

වැඩිදුරටත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ සැකකරු යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා බවය.

අනතුරුව බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කළේය.

ඒ අනුව අදාළ ඝාතනය මෙහෙය වූ පුද්ගලයෙකුව ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, බඩෝවිට අසංක නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන සැන්ඩෝ නැමැත්තාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකළ බවය.

වෙඩික්කරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් ලබාදීම වෙනුවෙන් සැකකරුට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී ඇති බවත් ඉන් රුපියල් 50,000ක් පමණක් වැය කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඔහු වෙඩික්කරුවන් දෙදෙනාට යතුරුපැදිය හා ගිනි අවියද ලබාදී ඇති අතර ඝාතනයට ඔවුන් දෙදෙනාව රැගෙන යන අයුරු සීසීටීවී කැමරාවකද සටහන් වී තිබුණි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විමර්ශන නිලධාරීන් අද පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකළ වෙඩික්කරුව අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු යුද හමුදාවෙන් පලා ආ අයෙක් වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.

වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය මද දුරක් යෑමේදී නැවතීම හේතුවෙන් තමන් එහි පැදිකරු පසුපසට දමා එය ධාවනය කළ බවත් අතර මගදී ඔහුව පොලිසියට හසුවීමෙන් අනතුරුව තමා පළා ගිය බවත් වෙඩික්කරු පවසා තිබේ.

වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් පසුව බියගම ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි බවය.

 

Ada Derana

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *