Mon. Mar 17th, 2025

මගී ජීවිත අනතුරේ දැමූ මාරක බස් රථ අනතුර අනාවරණ වූ දේ මෙන්න..!

මාරක අනතුර ගැන බොහෝ දෙනා මේ වෙද්දී කතා කරනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් වෙනස් කතාවක්..

කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේදී සිව්දෙනෙකුට මරු කැඳවූ අනතුරට හේතු වූ බස් රථය පැයට කිලෝමීටර 90ක පමණ වේගයෙන් ධාවනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ අදාළ බස් රථය කදුරුවෙල සිට තෝරයායට පැමිණ ඇත්තේ පැය 2කටත් අඩු කාලසීමාවකදී බවයි..

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් බරපතළ තත්ත්වයේ පසුවන පස් දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි..

කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ බස් නැවතුමක නවතා තිබූ පෞද්ගලික බස් රථයක තවත් පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදුවූයේ ඊයේ පෙරවරුවේයි..

මෙම සිද්ධියෙන් අනතුර සිදුකළ බස් රථයේ කොන්දොස්තර ද ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 28 දෙනෙකු තුවාල ලැබුවා..

අනතුර සිදුකළ බස් රථයේ රියදුරු ද තුවාල ලැබූ අතර ඔහු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා..

මගීන් චෝදනා කළේ බස් රථ දෙක තරගයට අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදු වූ බවටයි..

මෙම අනතුරේදී පිටුපසින් පැමිණි බස් රථය පැයට කිලෝමීටර 90ක පමණ වේගයෙන් ධාවනය කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා..

එවැනි පසුබිමක දඹුල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ඉතා අපරික්ෂාකාරීව ධාවනය කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *