Sat. Mar 15th, 2025

දෙමව්පියන්ගේ නොසැලිකිලිමත් කමින්, මිත්තණියගේ බෙහෙත් බිව්ව සිඟිත්තාට දිවි අහිමි වෙයි

මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම කුඩා දරුවා ඔහුගේ මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවය.

පසුගිය 04 වනදා පස්වරුවේ මෙම දරුවා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දරුවා මියගොස් ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *