Fri. Mar 14th, 2025

රිලා සංගනනයට පෙර පුහුණුවක් – පත‍්‍රිකා ලක්‍ෂ 73ක් සියළුම නිවාසවලට..!

එළඹෙන පහළොස්වැනි දා දින පෙරවරු අටට වන සත්ව සංගණනය යොදා ගත්තේ ඊට පෙර පුහුණු සමීක්ෂණයක් පවත්වා අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉංගිරිය ප්‍රදේශයේදී මෙම පෙර පුහුණු සමීක්ෂණය පවත්වා ඊට අදාළ කාලය මෙසේ යොදාගත් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටී.

වන සතුන් පෙරවරු හයට පමණ අවදි වී ගමන් කරන බවත් සමීක්ෂණ කාලය තුළ ඔවුන් වනාන්තරයෙන් පිට කුමන හෝ ස්ථානයක සිටිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටී.

වන සතුන් ඇතැම් වතුවලට උදෑසන කාලයේ නොපැමිණ සවස් කාලයේදී පැමිණිය හැකි නමුත් එය සංගණයට ගැටලුවක් නොවන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

සංගනයට අවශ්‍ය වන පත්‍රිකා ලක්ෂ හැත්තෑ තුනක් මුද්‍රණය කර ඇති බවත් සංගණනය පැවැත්වෙන දිනට පෙර දිවයිනේ සියලුම නිවාස වලට මෙම පත්‍රිකා බෙදා හැරීම සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය තවදුරටත් කියා සිටියේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *