Wed. Mar 12th, 2025

දරුවන් දහතුන් දෙනෙකුට පහරදීමක් – විදුහල්පතිට කන්‍යා සොයුරියට ඇප…!

පසුගිය 2024 වසරේ ඔක්තෝම්බර් මස නුවරඑළිය යහපත් හෙඩේරාගේ බාලිකා මහ විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකුට අමානුෂික ල්ව්ස පහරදී දරුවන් දෙදෙනෙකු රෝහල්ගතවීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ නිලංකාද සිල්වා කන්‍යා සොයුරිය විදුහල්පතිනියගේ නඩුව අද (10) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ අවස්ථාවේදී පොලිස් රාජකාරියට බාධා කිරීම හා විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් තවත් නඩුවක් ගොනු කිරීමට නුවරඑළිය පොලිසිය කටයුතු කර තිබිණ.

ඒ දරුවන්ට පහර දීමේ සිදුවීම සම්බන්ධව සාක්ෂි සටහන් කර ගැනීමට පාසලට ගිය පොලිස් නිලධාරීන්ට බැණ වැදීමේ චෝදනාව සහ පොලිස් රාජකාරී වලට බාධා කිරීම යනු චෝදනාවක් මුල් කරගෙනය.

අගතියට පත් දරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් දෙමාපියන්ගේ උපදෙස් පරිදි අධිකරණය කරුණුු වාර්තා කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සජීව කෞසල්‍ය ඩයස් මහතා සහ පුණ්‍යමිණි බාලසූරිය යන මහත්වරුන්ගේ කරුණු දැක්වීමත් සමඟ ග්‍රාම නිලධාරී පදිංචි සහතික සමග ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත විදුහල්පති කන්‍යා සොයුරිය නිදහස් කිරීමට නුවර එළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනෙවිය නියෝග කළාය.

– ආර්.එෆ්.එම්.සුහෙල්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *