Sat. Mar 15th, 2025

පාසලේ උත්සවයට ගියේ ආදි ශිෂ්‍යයන්ගේ ආරාධනාව මත – හිටපු කතානායක | එතුමා ගියේ ව්‍යවස්ථාවේදායකයේ ප්‍රධානියා ලෙස – වත්මන් කතානායක

තමන් හේනේගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බවත් එහි උත්සවයකට සහභාගි වූයේ ආදි ශිෂ්‍යයන්ගේ ආරාධනාව මත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සඳහන් කරයි.

මින් පෙරද ආදි ශිෂ්‍යයන් එක්වන සෑම අවස්ථාවකම තමන් පාසල සමඟ සමීප කටයුතු කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

පාසල්වල උත්සව සඳහා යාමට එපා යයි නීතියක් පනවා නැති බවද පැවසූ ඔහු අදාළ උත්සව සම්බන්ධයෙන් විදුහල්පති සමග සාකච්ඡා කර ඊට සම්බන්ධ විය හැකි බවද කියා සිටී.

මාධ්‍ය විසින් අදාළ සිදුවීම ගැන සිදුකළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු ප්‍රශ්නයේදී කථානායක ජගත් වික‍්‍රමරත්න මහතා කියා සිටියේ හිටපු කතානායක අශෝක රන්වල මහතා එම උත්සවයට සහභාගි වූයේ ව්‍යවස්ථාවේ දායකයේ ප්‍රධානියා වන කතා නායකවරයා ලෙස මිස දේශපාලයි පක්ෂයක් නියෝජනය කරමින් නොවන බවයි.

 

කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා විමසන ලද ප්‍රශ්නයකට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

හිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පාසල් උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් අදාළ ප්‍රශ්නය මන්ත්‍රීවරයා විසින් යොමු කළේය.

ඒ පාසල් උත්සව සඳහා දේශපාලඥයන් සම්බන්ධ කර නොගන්නා ලෙස රජය විසින් අධ්‍යාපන බලධාරීන්ට ලබා දී ඇති උපදෙස් ප්‍රශ්න කරමිනි.

එහිදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා කියා සිටියේ කතානායකවරයා එම උත්සවය සඳහා සහභාගි වී ඇත්තේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස මිස දේශපාලන පක්ෂයක නියෝජිත ලෙස නොවන බවයි.

නමුත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ අශෝක රන්වල මහතා මේ වන විට හිටපු කතානායකවරයා මිස ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කතානායකවරයා නොවන බවය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *