ඊයේ රෑ වෙලා අපේ රට අපිට ආපු පණිවිඩයක්
“කඩවත හයිවේ එක ලග පැටියෙක් හම්බෙන්න ඉන්න එලදෙනක් කාර් එක්කට හැප්පිලා. සතාට අමාරුයි බඩ ඉදිමෙනවා.මේ හරියේ මෙතෙන්ට ඇවිට්ත් සතාට ප්‍රතිකාර කරන්න පුලුවන් ඩොක්ට කෙනෙක් ඉන්නවද.ඉන්නවනම් ඉක්මනට එන්න කියලා පේජ් එකේ දාන්න පුලුවන්ද..? දැනට ඩොක්ට කෙනෙක් ආවත් මේ සතුන් සම්බන්ධ ප්‍රතිකාර කරන්න ඒවට සුදුසු උපකරන ඖශධ නෑලු…”
ඉතින් අපි ඒ ඉක්මනින්ම අනතුරකට ලක්වෙලා ජීවිතයත් මරණයත් අතර අසාධ්‍ය තත්වයක හිටපු මේ කිරි අම්මා ගැන පණිවිඩය දැනුවත් කරපු සැනින් ක්‍රියාත්මක වෙලා අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීල ජීවිත අවදානම් තත්වයෙන් මේ අම්මව බේරගන්න වෛද්‍ය නුවන් ඇතුළු කඩවත ඉන්න පශුවෛද්‍ය කාර්‍යමණ්ඩලයක් කටයුතු කලා.
වෛද්‍යවරුන්ට එම කාර්යය සිදු කරන්න ඒ අවට එකතු උන කරුණාවන්ත සුවහසක් ජනතාව කටයුතු කර ඇති ආකාරය පුදුමසහගතයි. ඒ වනවිටත් මල පහ වී තිබූ කිරි අම්මව සෝදා පවිත්‍ර කර ශෙනල් සෙමින වගේ හිත හොඳ තරුණයන් ගොඩක් උදව් කලේය..පසුව මෙම සත්වයාගේ හිමිකරු වෙත සත්වයා බාරදීම සිදුකර ඉදිරි ප්‍රතිකාර කටයුතු Dr.නුවන් ඔහු යටතේ කරන බවට දැනුම් දී ඇත.
හැමදාම වගේ රැයක් දවාලක් නොමැතිව ඕනෑම අවස්ථාවක හදිසි ප්‍රතිකාර අවශ්‍ය සතෙක් ගැන දැනුවත් කලොත් ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසල දෙන ඒ වගේ වෛද්‍යවරුන්ට බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු වෙනවා. මේ කිරි අම්මගෙ ප්‍රතිකාර වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකර ප්‍රතිකාර ලබාදීම සම්බන්ධවමෙන්ම ඒ වගේම මේ වෙනුවෙන් ඇපකැපවුන මහන්සි උන වචනෙකින් හරි සහයෝග දීපු ආදරණීය හැමකෙනෙක්ටම ස්තූතිවන්ත වෙනවා.