Fri. Oct 18th, 2024

ට්‍රම්ප්ගේ සිද්ධිය වළක්වා ගන්න බැරි උන නිසා අමෙරිකාවේ රහස් සේවා අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙයි..!

ට්‍රම්ප්ටගේ සිද්ධිය කල් තියා හොයාගන්න බැරි වීමේ වගකීම සහ ප්‍රහාරය වළක්වා ගැනීමට බැරිවීමේ වගකීම බාරගෙන අමෙරිකාවේ රහස් සේවා අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙයි..!

ලංකාවේ පාස්කු දා බෝම්බ ගහනවා කියලා දිනයයි,වෙලාවයි,තැනයි ඔක්කොම කල්තියාම කියලා තියෙද්දිත් ප්‍රහාරය එල්ල වුණා! තුන්සිය ගාණක් මැරුණා..!
වගකීම බාර අරගෙන කී දෙනෙක් ඉල්ලා අස්වුණාද?

ජනාධිපතිධූර අපේක්ෂක සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ, එවැනි ප්‍රහාරයක් පිළිබදව තොරතුරු කල් තියා අනාවරණය කර ගැනීමට නොහැකි වීම සහ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම භාර ගනිමින්, එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ Kim Cheatle එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, ඇය එම ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂයෙන් ඉල්ලා අස්වන ලෙස ඇයට බලපෑම් එල්ල වී තිබුණු බව පැවසේ.

පෙන්සල්වෙනියාවේ මැතිවරණ රැළියක් අතරතුරදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ කිම් චේට්ල් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

නියෝජිතායතන කාර්ය මණ්ඩලය වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කරමින් එතුමිය සඳහන් කර තිබුණේ, ඔබේ අධ්‍යක්ෂවරයා වශයෙන්, ආරක්‍ෂක දෝෂයේ සම්පූර්ණ වගකීම මම භාරගන්නා බවයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති මතභේදාත්මක නඩු විභාගය තුලදී ඒ සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් යන දෙපාර්ශවයම ඇයට ඉල්ලා අස්වන මෙන් දන්වා තිබිණි.

මේ වන විට ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා රහස් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Ronald Rowe පත් කර ඇති අතර ජනාධිපති බයිඩන් විසින් නව අධ්‍යක්ෂවරයකු නුදුරේදීම පත් කරනු ඇති බවයි ධවල මන්දිරය සඳහන් කර තිබුණේ,

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *