පාර්ලිමේන්තු පළමු දිනයේදී භෝජන සංග්‍රහයක් පැවැත්වීම ආගන්තුක සත්කාරයක් සහ මන්ත්‍රීවරුන්ට තානාපතිවරුන්ට ඇතුළු විදේශීය රාජ තාන්ත්‍රිකයන්ට සිදුකරන ලද ගරුත්වයක් බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
එය සාමාන්‍ය දෙයක් වන බවද පවසන ඔහු එසේ නැතිව එය සම්ප්‍රදාය වෙනස් වීමක් නොවන බවත් පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ පළමුව දවස බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවූ බවත් ඊට තානාපතිවරුන්, විශේෂ ආරාධිතයන් පැමිණ සිටි බවත් එය ඒ සදහා කරන ලද ආගන්තුන සත්කාරයක් හා පැමිණීමට කරන ලද ගරුත්වයක් බවත් හෙතෙම කියා සිටී.
ඊයේ දින පාර්ලිමේන්තු පලමු දිනයේදී භෝජන සංග්‍රහයක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.