Tue. Jan 21st, 2025

ඔබේ වැටුප අනුව බදු ගෙවන්න ඕනි මෙහෙමයි – මෙන්න දැන් ලොකු ගාණක් අඩුවෙලා.!

දවස්වල බදු ගෙවීම ගැන ආපහු කතාබහක් ඇතිවෙලා තිබෙනවා…. ඔබේ වැටුප අනුව බදු ගෙවන්න ඕනි කොහොමද කියලා දැනගන්න බලාගෙන ඉන්න ඔබටයි මේ තොරතුරු කියන්න හදන්නේ…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ දැනුම් දුන්නා…

එහිදී ජනාධිපතිවරයා උපයන විට අයකෙරෙන බදු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව දැනුම්වත් කළා….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවය මත උපයන විට බදු අයකෙරෙන අවම සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි, ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කලේ…

ඒ අනුව රුපියල් 150,000ක මාසික වැටුපක් හිමි අයෙක් උපයන විට බද්දෙන් 100%කින් නිදහස් වෙනවා…

රුපියල් 150,000ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 3,500 ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව උපයන විට බදු ගෙවිය යුතු වන්නේ නැහැ…

රුපියල් 200,000ක වැටුපක් හිමි පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 10,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු වන්නේ රුපියල් 3,000ක මුදලක් පමණයි…

රුපියල් 300,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් රුපියල් 35,000ක් උපයන විට බදු ලෙස ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු මුදල රුපියල් 18,500 දක්වා අඩුවෙනවා…

එමෙන්ම රුපියල් 500,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් උපයන විට බදු ලෙස රුපියල් 106,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය මගින් ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් 86,000ක් විතරයි…

Source : Hiru Gossip

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *