Tue. Jan 7th, 2025

වී කිලෝව 150 පනී – සැගවූ සහල් සොයා අම්පාරේ මෝල් වටලයි..!

කැකුළු වී කිලෝවක මිල බොහෝ ප්‍රදේශයන්හි රුපියල් 150 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

වී එතරම් ඉහළ මිලකට වුවද ගොවීන් තමන් සතුව ඇති වී තොග අලෙවි කිරීමට මැලිකමක් දක්වන බවද මෝල් හිමියන් කියා සිටිති.

ඒ හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකම කුඩා මෝල් වී හිගය මත වසා දමා ඇත.

එම තත්ත්වය තුළ ඉහළ වටිනාකමින් යුත් වී සහල් කරන යන්ත්‍ර විනාශ වීමේ අවධානමකට පත්ව ඇති බවත් මෝල් හිමියෝ පෙන්වා දෙති.

සැගවූ සහල් සොයා අම්පාරේ මෝල් වටලයි..!

අම්පාර දිස්ත්‍රික්කයේ වී මෝල් සහ ගබඩා පරික්ෂාවක් සිදුකළ බව අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.

මෙම පරීක්ෂාව අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය සහ සබරගමු පළාත් අධ්‍යක්ෂ තාරක විදානගම ආරච්චි මහතා ඇතුළු කණඩායම විසින් සිදු කර තිබේ.

ඒ් රටේ පවතින සහල් හිඟය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ දැනට පවතින තත්ත්වය පිරික්සීම සදහාය.

මෙහිදි අම්පාර, සම්මාන්තුර,කල්මුණ සහ අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී වී මෝල් සහ ගබඩා පරික්ෂා කර ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *