Sun. Mar 16th, 2025

පොල් ගෙඩිය 300 කිට්ටු කරයි – ආණ්ඩුවෙ හිතවතා පිටරට පොල් පටවන එක තාමත් ජයට කරයි..!

රට තුල පොල් මිල තවදුරටත් ඉහළ යමින් තිබේ.

පිටකොටුව ප‍්‍රදේශයේ තරමක් ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 260-270 වැනි ඉහල මිල ගණන්වලට අලෙවිමින් ඇත.

සාමාන්‍ය වෙලදපලේ මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240-250ක් පමණ වන අතර රුපියල් දෙසීය ආසන්න සීමාවේ අලෙවි කරන්නේ ඉතාම කුඩා ප්‍රමාණය පොල්ය.

මෙහි දැක්වෙන්නේ මෙරට ප්‍රසිද්ද සුපිරි විල්සන් ජාලයක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240කට මිල කර ඇති ආකාරයයි.

මෙරට පොල් හිගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ආන්ඩුවේ ආණ්ඩුකාරවරයෙක්ට අයත් තිබූ සමාගමක් මෙරට පොල් විශාල වශයෙන් අපනයනය කිරීම – හිටපු ඇමති විමල් වීරවංශ 

මෙරට පොල් හිගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ආන්ඩුවේ ආණ්ඩුකාරවරයෙක්ට අයත් තිබූ සමාගමක් මෙරට පොල් විශාල වශයෙන් අපනයනය කිරීම බව හිටපු ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

එම පොල් අලෙවි කර උපයන ඩොලර් ප‍්‍රමාණය ඩුබායි ගිණුමකට බැර කරන බවත් ඒවා ලංකාවට ගෙන නොඑන බවත් ඔහු චෝදනා කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘හාල් විතරක් නෙමෙයි දැන් පොලුත් පිටරටින් ගේන්න වෙලා තියෙනවා කර්මාන්තවලට යයි කියමින්.ඕවා කර්මාන්තවලට විතරක් නෙවෙයි ගේන්නෙ ගේනකොට ඔ්සෙට ගේනව.දැන් අපට පරිභෝජනය කරන් අවශ්‍ය කර පොල් ලංකාවේ නිෂ්පාදනය වෙනව.හැබැයි වෙලා තියෙන්නේ ආණ්ඩුකාර නාම මාත්‍රිකව වෙන අයට දීලා තියෙන එ ආයතනය විශාල වශයෙන් පොල් පිටරට පැටවනවා. උපයන ඩොලර් ප්‍රමාණය ඩුබායි බැංකුවල දානවා. ඒගොල්ලෝ උපයන ඩොලර් ටික පිටරට පටවනවා’

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *