Sun. Jan 19th, 2025

Whatsappට හැකර්ලා රංචු පිටින් පනිති – බේරෙන හැටි මෙන්න..!

වට්ස් ඇප් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී තිබේ.

මාර්ගගත සාකච්ඡාවකට ඇරයුම් කිරීමේ මාර්ගයෙන් එම කටයුතු සිදුකරන බවට තොරතුරු ලැබී තිබේ.

ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

මේ සඳහා ඔබ නොදන්නා කිසිඳු ලින්ක් එකක් විවෘත නොකිරීම මින් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමයයි.

හැකර්වරුන් වට්ස්ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී පරිශීලකයන්ගේ ගිණුම් අධීක්ෂණය කරන අතර ගිණුම් හැක් කිරීමෙන් පසු හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස දුරකථන අංකවලට හදිසි පණිවිඩ යවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආගමික වැඩසටහන්, ත්‍යාග දිනා ගැනීම් හෝ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වීමේ වැනි අවස්ථාවන් සඳහන් කරමින් මොවුන් විසින් දුරකතන අංකය වෙත ලැබී ඇති රහස් කේතයක් ඉල්ලා සිටින බවයි පැවසෙන්නේ.

අදාළ පුද්ගලයා එම කේතය ලබා දීම හරහා හැකර්කරුවන්ට ඔවුන්ගේ වට්ස්ඇප් ගිණුම පාලනය කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි පණිවිඩයක් ලැබුණහොත්, මුලින්ම එම ගිණුම අයිතිකරු අමතා තොරතුරු සත්‍ය දැයි තහවුරු කරගත යුතු බවත් වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *