Mon. Mar 17th, 2025

සල්ලි දුන්නෑ කියලා පොලු තියන සමහරු අතරේ සල්ලි නැතුව ෂෝ එක ගහපු මචානෝ…

ඊයේ අපේ මුදල් කොටස් අපි ගත්තේ නෑ 🤟

බැජී සහ මචානෝ දෙගොල්ලෝම…

නොනැවතී ඇද හැලුනු දැඩි වර්ෂාපතනයෙන් පිලිවෙල 100 % ක්ම වූ ලස්සනම ප්‍රසංගයක්
දැඩි ලෙස අඩ පන වුනා.
වැස්සෙත් නොනැවතී පැමිනි පිරිස වෙනුවෙන් ප්‍රසංගය ඒ අයුරින් පවත් වන්න ඔවුන් පිරිස එක එල්ලේම තීරනය කරා .දැඩි ලෙස ඔවුන්ට අලාබයි පාඩුයි අපි දැක්කා.
ප්‍රසංගය අවසානයේ ඔවුන්ගේ ගිණුම් වලින් ඇඳලා අපිට මුදල් ගෙනත් දෙන්න සූදානම් වුණා.
පොලු තියන , මග අරින , හෙට දාන්නම් කියලා රවටමින් අපිට චෝදනා කරන පිරිස් අතරට , වැදගත් සංවිධායකවරුන් වන PAP Vision  ඒ ආදරණීය සැබෑවූ මහත්වරුන් වෙනුවෙන් අපේ මුදල් කොටසද අපි සම්පූර්ණයෙන් අත් හැරියා.

මචානෝ කියන්නේ කිසිම දිනක අදත් හෙටත් සංවිධායක මහත්වරුන් අපහසුතාවයට පත්
නොවන මුදලක් ගන්න බෑන්ඩ් එකක් පමනයි 🙏

බැජී අසේලත් සෙටාර් එකත් පට්ට හදවත් ❤️

එයාලත් ඒක එලෙසම කරා අපි දැක්කා.

ස්වභාවධර්මයාට පිටුපාන්න අපිට බැහැ….

ඊළඟ වතාවේ මීට වඩා දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමකින් අපි හමු වෙමු.
ඔබේ මහත්මා ගතියට සහ සංවිධාන ශක්තියට හිස නමා ආචාර කරනවා.
ඒ වගේම මනුස්සකමෙන් කලා කෙත අස්වද්දන සියලුම සංවිධායක මහත්වරුන්ට උතුරන්න හරියන්ඩ ඕනා. ජයම වේවා !!

මම
මචානෝ නායක

Copied

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *