රංගන ශිල්පි ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 77 වැනි වියේ පසුවුණු ඔහු වේදිකාව, සිනමාව සහ පුංචි තිරය හැඩ කළ රංගන ශිල්පියෙක් මෙන්ම හඬකැවීම් ශිල්පියෙකු ද වෙනවා.
කොළඹ ලුම්බිණි විදුහලින් කලා ලොවට දායාද වූ කලාකරුවෙක් වන ඔහු රංගනයට අත්පොත් තබන්නේ පාසැල් වේදිකාවෙන්.
අනතුරුව ‘අක්ක නගෝ’ චිත්‍රපටයෙන් මුල්වරට සිනමාවට පිවිසි ඒ මහතා පෙම්බර මධූ, පැංචා, ගංගා, සුදු පරවියෝ, සිකුරු දසාව, සෙලීනාගේ වලව්ව, ජෝඩු වළලු, බිත්ති හතර, තුත්තිරි මල්, කෝකිලා, කොළඹ කොලොප්පන් වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.
Source – Hiru Gossip