Wed. Mar 12th, 2025

ජනතාවට සහන මිලට සැමන් පරිප්පු – සැපට යන්න සැප බස් රථ 100ක්..!

ජනතාවට සහන මිලට සැමන් පරිප්පු.

අලුත් අවුරුදු කාලය සඳහා ජනතාවට සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමට අයවැය මගින් යෝජනා කර තිබේ.

සහල්, ටින් මාළු, පරිප්පු, ලූනු, අර්තාපල් හා කරවල යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා මෙසේ ලබා දෙන බවද ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..!

රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒවා ප්‍රධාන මාර්ග හතරක් ආවරණය කරමින් කොළඹ නගරයට මගී ප‍්‍රවාහන පහසුවන් සලසනු ඇති බවද හෙතෙම කියා සිටීම.

පහත් පතුලක් සහිත මෙම සුඛෝපභෝගී බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *