යාපනය දිස්ත්‍රීක් පාර්ලිම්න්තු මන්ත්‍රී රාමනදන් අර්චුනා මහතා අද(29) රාත්‍රියේ අනුරාධපුර මහෙස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට නියෝග කල බවට අනුරාධපුර පොලීසිය පැවසීය.
ඇපමත මුදාහැරුනු මන්ත්‍රීවරයාට එරෙහි නඩුව යලි පෙබරවාරි 03 වන දින කැඳවීමටද අනුරාධපුර මහෙස්ත්‍රාත් වරයා නියෝග ලබාදී ඇත.
රාමනාදන් මන්ත්‍රීවරයා අද දින යාපනය පොලීසියේදී අනුරාධපුර පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.
– වන්නි රොමේෂ් මධූෂංක
විශේෂ පොලිස් කණ්ඩායමක් මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට ගනී..! – වීඩියෝ
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ ඊයේ (29) පස්වරුවේදී ය.
යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.
සැකකාර මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් වාර්තා වුණා.
පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.