Mon. Sep 16th, 2024

පියුමි හංසමාලි අත් අඩංගුවට ගැනීම අත්හිටුවයි..!

ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශන අත්හිටුවන ලෙස ඉල්ලා ඇය විසින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචාධිකරණය හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සම සැප්තැම්බර් 20 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනි ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා පෙනී සිටියේය.

පියුමි හංසමාලි කියන්නේ දවසක ඓතිහාසික වෙන චරිතයක් – (චින්තන ධර්මදාස)

පියුමි හංසමාලි කියන්නේ නූතනයේ ජීවත්වෙන පස්සෙ දවසක ඓතිහාසික වෙන චරිතයක්.

ලංකාවෙ ලිංගිකත්වය කියන දේ එය තැබිය යුතු තැනට ඔසවා තැබුවෙ පියුමි. ලංකාවෙ ගැහැණියකගේ ලිංගිකත්වය මගින් අත්පත් කරගන්න පුළුවන් ඉහලම ස්ථරයන් ඇය විසින් අත්පත් කරගන්නවා. කොටින්ම ලංකාවෙ ලක්ෂ හැට නමයක ජනාධිපතිගේ වාහනේ පාවිච්චි කරන්නෙත් පියුමි.

ඒ අතින් එයා ඉන්නෙ ජනාධිපතිටත් ඉහලින්.

පියුමිගේ අනුරාගයට පුළුවන් නැවක් වුනත් ගිලින්න. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එකපාර ජන මනසින් අතුරුදන් කරන්න එයාට පුළුවන් වුනා.

එයාගෙ පිපිරෙන්නට තරම් ලංවූ සුලං පිරී ඇති බැලුම් වගේ පියයුරු දිහා රටක ජනතාවක් අනිමිසලෝචනයෙන් බලා ඉන්නවා. අනුරා‍ගයෙන් ඉදිමුනු ඒ දෙතොල් අතරින් එන ඵරුස වචනයක් පවා රටක දෙසවන් මීපැනි වලින් පුරවනවා.

එයාගෙ ක්‍රීම්වලින් කලු සල්ලි වුනත් සුදෝ සුදු කරන්න පුළුවන්ද කියල අපි දන්නෙ නෑ. ඒ කතා කොහොම වුනත් පියුමි මුදල් උපයන්නෙ ඇගේ උතුරා හැලෙන ලිංගිකත්වයෙන්. ඇගේ අනුරාග අනුහසින්.

මිලියන ගණන් ජනතාව පියුමිගේ සමාජ ජාල අකවුන්ට්වල එල්ලීගෙන එයාගෙ වීඩියෝවක් එනකල් බලන් ඉන්නවා.

 

මිලියන ගණන් ජනතාව පියුමිගේ සමාජ ජාල අකවුන්ට්වල එල්ලීගෙන එයාගෙ වීඩියෝවක් එනකල් බලන් ඉන්නවා.

එයා කිරිගරුඩ සිරුර යන්තමින් තෙමාගෙන කොටම කොට තුවායක් ඇඳ ඇවිත් සුවහසක් සිත්සතන් සිහිලස් කරනවා. ලයික් ෂෙයාර්ස් දහස් ගණන් මෝචනය කරනවා.

පියුමි සුවිශේෂ චරිතයක් වන්නේ සියල්ලට ඉහළින් පවතින්නේ ලිංගිකත්වය සහ අනුරාගය බව ඇය ඇගේ පැවැත්මෙන් පසක් කරන නිසායි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *