Thu. Sep 19th, 2024

සජබ සන්ධානයේ සමාරම්භක දිනයේදීම පක්ෂ නායකයෙක් සජිත් හැර යයි

සමගි ජන බලවේගය සහ ජනාධිපතිවරණයේදී ඔවුන් සමඟ සන්ධාන ගතවන අනෙකුත් දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් අද (08) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමගි ජන සන්ධානයට අත්සන් තබනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මෙන්ම 2022 වසරේ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වීමට පාර්ලිමේන්තුවේ තරඟ කළ ඩලස් අලහප්පෙරුම මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් “8 වෙනි මාසේ 8 වෙනිදා ප්‍රධාන ධාරාවේ පක්ෂ 8 ක් රටේ අනාගතය සුවපත් කිරීම සඳහා වූ අවංක අරමුණකට එම ඉලක්කය හඹා යාම සඳහා එකට එකතු වුණු ආනුභාව සම්පන්න දවස අදයි” යනුවෙන් සටහනක් තබා තිබෙනවා.

එලෙස සටහනක් තබා තිබුනත් ඔහු විසින් පළකර ඇති ඡායාරූපයේ පුද්ගලයින් 07 දෙනෙකු පමණක් දක්නට ලැබෙනවා.

එයට හේතුව වී ඇත්තේ ඔහු විසින් මීට පෙර එම සටහනට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මහතා ඇතුලත් කර තිබුනත් පසුව එම මහතාව ඉන් ඉවත් කිරීමයි.

එලෙස අසංක නවරත්න මහතාගේ නම ඉවත් කලත් එම සටහන වෙනස් කිරීමට ඔවුන් කටයුතු කර නොමැති අතර අසංක නවරත්න මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සන්ධාන ගතවීම ප්‍රතික්ෂේප කිරීම හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති වීම මෙයට හේතුව වීමට ඉඩ තිබේ..

කෙසේ වෙතත් සමගි ජන සංධානයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් අත්සන් තැබූ අතර එම කණ්ඩායම් අතර සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූ අලුත් පිරිස ඉතාම අතලොස්සක් පමණක් බවත් බහුතරය දිගුකාලයක් සමගි ජන බලවේගයේම පිරිස් බවත් පැහැදිලිව දක්නට ලැබුන කරුණකි.

මෙහි අනෙක් වැදගත් කරුණ වන්නේ රට ආර්ථික වශයෙන් ඉතාම අසීරු තත්වයක සිටියදී අනුප්‍රාප්තික ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ සහය ලබාදුන් ඩලස් අලහප්පෙරුම මහතා තවත් කිහිපදෙනෙකු සමඟ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට තම සහාය පළකිරීමයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *