Thu. Dec 26th, 2024

කුරුල්ලන් ගැටී ගුවන් යානයක් කඩා වැටේ – 72ක් එතැනම මියයයි..! (VIDEO)

අසබයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් කඩා වැටීමෙන් හැත්තෑ දෙදෙනකු මරණයට පත්වී තිබේ.

මෙම ගුවන් යානය කසකස්ථානය අක්ටාවු නගරය ආසන්නයෙන් කඩා වැටී ඇත්තේ යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කිරීමේදී එන්ජින් තුළට කුරුල්ලන් ගැටීමෙන් හානි සිදුවීමෙන් බව හෙළි වී තිබේ. මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනෙකුද සිට ඇත.

මෙම ගුවන් යානය අසර්බයිජාන් ගුවන් සමාගම විසින් මෙහෙයවන ලද අතර එය බකු සිට රුසියාවේ චෙච්නියාවේ ග්‍රොස්නි දක්වා ගමන් කරමින් තිබූ බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

අසර්බයිජානියානු ගුවන් සේවය (AZAL) පැවසුවේ ගුවන් යානය Aktau නගරයට ආසන්නයේ “හදිසි ගොඩබෑමක්” සිදු කළ අතර, “සිද්ධිය පිළිබඳ අමතර තොරතුරු” සැපයීමට  ප්‍රකාශයක පොරොන්දු වූ බවයි.

අසර්බයිජානියානු මූලාශ්‍ර උපුටා දක්වමින් කසකස් ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු පමණ යානයේ සිටි බවයි.

කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි.

අනතුරින් දිවි ගලවා ගත් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇත.

Embraer 190 වර්ගයේ ගුවන් යානයක් වන මෙහි මගීන් 62ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිට තිබේ.

(රොයිටර්, ඒඑෆ්පී)

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *