Thu. Dec 26th, 2024

වාහන ආනයනය වැඩිවුනොත් බදු ගහනවා – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය.

ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා විදේශ සංචිත වර්ධනය කරගෙන ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

වාහන ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටි අතර වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේදී වාහන ආනයනය කිරීම අවශ්‍ය දෙයක් බව ද වාහන ආනයනය කිරීම වැඩියෙන් සිදුවෙනවා නම් බදු පැනවීම වැනි ක්‍රියාමාර්ග මගින් රජයට එය පාලනය කිරීමේ හැකියාව තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා කිවේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පුවත්පත් කතුවරුන් හමු වූ අතර රටේ මූල්‍ය හා ආර්ථික සාක්ෂරතාව සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් සමග මහ බැංකු අධිපතිවරයා මෙහිදී සාකච්ඡා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *