Sat. Dec 28th, 2024

මතකද බේබී 81 – ඔහු දැන් අවුරුදු 20ක තරුණයෙක් – VIDEO

සුනාමි ඛේදවාචකයට 2024 වසරට, වසර 20ක් සපිරෙනවා ….

බේබි 81… ඔව්… සමහර අයට තාමත් ඒ කතාව මතක ඇති… මේ කතාව සුනාමියේදී මව්වරුන් 9ක් හිමිකම් කියන්න ඉදිරිපත් වුණ පුංචි කුමාරයා ගැනයි… දැන් එයාට අවුරුදු 20ක්…

21 වැනි සියවසේ වඩාත් බිහිසුණුම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකෙන සුනාමි ඛේදවාචකයට අදට වසර 20ක් සපිරෙනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා , එනම් අදවැනි දාවක සිදු වූ එම ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයින් 35,000කට අධික පිරිසකට දිවි අහිමි වුණා.

ඔවුන් සිහිපත් කරමින් අද උදෑසන 9.25 සිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණේ අදට යෙදෙන ජාතික සුරක්ෂිත දිනයට ද සමගාමීවයි.

මීට වසර 20කට ඉහතදී මෙම ඛේදවාචකය සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා අවධානය දිනා ගත් ”බේබි 81” ලෙස ප්‍රසිද්ධියට පත් දරුවාට මේ වනවිට වයස අවුරුදු 20ක්.

බේබි 81’ නොහොත් ජයරාසා අභිලාෂ් 2004 මෙම ව්‍යවසනයට මුහුණ දෙන විට ඔහුගේ වයස මාස 02යි.

මාස 2 ක් වයසැති අභිලාෂ් බිළිඳා සුනාමියෙන් ගසාගෙන ගොස් ඇති අතර බේරාගත් අය විසින් නිවසේ සිට යම් දුරකදී සොයා ගනු ලැබුවා.

කුඩා බිළිඳාව රෝහලට ඇතුළත් කළ අතර රොහලේදී හිමි වූ ලේඛනයේ අංකය 81.

දෙමාපියන් පිළිබඳව කිසිදු තොරතුරක් නොවූ නිසා මෙම බිළිඳා ‘බේබි 81’ ලෙසින් හඳුන්වනු ලැබුවා.

බොහෝ දෙනා මෙම බිළිඳාගේ දෙමාපියන් මියගොස් ඇති බවට අනුමාන කළත් මෙම බිළිඳාගේ දෙමාපියන් රුදුරු සැඩ පහරින් ජීවිතය ආරක්ෂාකර ගැනීමට සමත් වී තිබෙන අතර ඔවුන් දෙදෙනා අතුරුදන් වූ තම මාස 04ක බිළිඳා සොයා කල්මුනේ මූලික රෝහලට පැමිණ තිබෙනවා.

එම දෙමාපියන් රෝහලට පැමිණෙන විටත් මෙම දරුවාගේ අයිතිය පවසා තවත් මව්වරුන් 09 දෙනෙකු හිමිකම් කියා තිබෙනවා.

කිහිප දෙනෙකුම මෙම දරුවාගේ අයිතිකරුවන් බව පැවසීම නිසා එම යුවලට මෙම දරුවා භාරදීම ගැටලු තත්ත්වයක් රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ අතර පසුව කාරණය අධිකරණයට යොමුකෙරුණා.

පසුව DNA පරීක්ෂණවලින් දරුවාගේ සැබෑ දෙමාපියන් දෙපළටම මෙම දරුවා හිමිවුණා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *