Mon. Jan 20th, 2025

මෙරටට ඉන්ධන ගෙන්වා වාසි ගත් අයට වැඩ වරදියි..!

වසර 2022/2023 කාලසීමාවේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම්දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ.රාජකරුණා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් තමාගෙන් මූලික කරුණු විමසීමමින් කටඋත්තර ලබා ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා ප්‍රකාශ කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරික්ෂණ වලට අමතරව තමා විසින් සංස්ථාවේ ගනු දෙනු පිළිබඳව වෝහාරික විගණනයක් සිදු කිරීමට කටයුතු කරන්නැයි දැනුම්දී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දුන් දැඩි අර්බුද හමුවේ සමස්ථ රටම බංකොලොත් භාවයට පත් වී ඇති බව වසර 2022දී නිවේදනය කළ බවත් ඉන් අනතුරුව සංස්ථාවද බංකොලොත් භාවයට පත්ව පිටරටින් ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය විදේශ විනිමය නොමැතිව ඉන්ධන පෝලිම් නිර්මාණය වූ බවත් සභාපතිවරයා සිහිපත් කළේය.

මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් රටේ මතුව තිබියදීත් එවකට හිටපු බලධාරීන් අර්බුදය වසන්තයක් කර ගනිමින් මුදල් උපයාගෙන ඇති බවට නැගෙන චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සහ ඒවාට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණවීම සඳහා මූලික පියවරක් ලෙස මෙම පරික්ෂණය සිදු කරන බව රාජකරුණා අවධාරණය කළේය.

(ජේ .මුණසිංහ)

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *