Mon. Sep 16th, 2024

Club වසන්තගේ බිරිදට මල් වඩමක් යවයි – සුළමුල දුරකතන අංක 4කින් එලියට..!

වෙඩි තබා ඝාතනය කරන ලද සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිඳට නාදුනන කණ්ඩායමක් විසින් ඇයට මල් වඩමක් යවා ඇත.

එම සිද්ධියෙන් පසුව රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩ පිරිසක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් සිටියි.

ඇයට මේ දක්වා සැත්කම් තුනකට භාජනය කර ඇත.

ක්ලබ් වසන්ත ඉලක්ක කරගෙන අතුරුගිරියේදී එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයෙන් ඔහුගේ බිරිදද බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

වසන්ත ඝාතන සුළමුල දුරකතන අංක හතරකින් එලියට..!

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඩුබායි සහ ප්‍රංශයේ සිට වෙඩි ප්‍රහාරය සැලසුම කළ බවට හඳුනාගෙන සිටින මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පතාල අපරාධකරුවන් සිව්දෙනෙකුගේ ජංගම දුරකතන අංක 4 ක් ඔස්සේ මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කරයි.

මෙම ප්‍රහාරය මෙහෙය වීමට යොදා ගත් ජංගම දුරකතන අංක 4 මේ වන විට විශ්ලේෂණය කරමින් එම විමර්ශන සිදු කෙරේ.

මෙම දුරකතන අංක හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදීය.

එම සැකකරුවන්ට ඩුබායි සහ ප්‍රංශයේ දුරකතන අංකවලින් ඇමතුම් ලබා දෙමින් ඔවුන්ව එම ප්‍රහාරයට
අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා මෙහෙයවා තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එයට අදාළ දුරකතන අංක හඳුනාගෙන මේ වන විටත් විශ්ලේෂණ කටයුතු සිදුකරන බවත් ඉදිරි විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට සිදුවනු ඇති බවත් එම නිලධාරියා කීය.

ප්‍රංශයේ දුරකතන අංකයකින් ඩුබායි සිට ඇමතුම් ගෙන ඝාතනය මෙහෙයවූ පොතාල අපරාධකරුවකු ගැන තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් ඇතැයිද එම නිලධාරියා කීය.

එම ප්‍රහාරයේ වෙඩික්කරුවන් දෙදෙනා තවමත් රටින් පලා ගොස් නැති බව විශ්වාස කරන බවත් ඔවුන්ව හඳුනා ගැනීම සඳහා කොටු කර ගැනීමටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩා- යමක් දිවා රෑ නොතකා වෙහෙසෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

– ගයාන් කුමාර වීරසිංහ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *