Thu. Sep 19th, 2024

එදා ශිරෝෂි අක්කාගේ කම්මුල් පහර සැරට වැදුණා – දසුනි නවෝද්‍යා

ඇයට (2021) වසරේ අයි.ටී.එන් හෙවත් ස්වාධීන රුපවාහිනී සේවය මඟින් පැවැත්වූ අවුරුදු කුමරිය වැඩසටහන වාසනාව උදාකර දුන්නාය. ඒ එයින් ප්‍රථම ස්ථානය දිනාගනිමින් ජයග්‍රාහී කිරුළද හිමිකර ගැනීමෙනි. ඉන් අනතුරුව ස්වාධීන රූපවාහිනී සේවයේම නිවේදිකාවක් ලෙස විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමටද අවස්ථාව උදාවුවා. පසුව රංගන ශිල්පිනියක ලෙසින්ද කරළියට එක් වීමෙන් මේ වන විට ඉහළ ජනප්‍රියත්වයක් පවා ළගා කරගෙන හමාරය. මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ උදෑසන වැඩසටහන් නිවේදිකාවක ලෙසද සිරස රූපවාහිනියෙන් රාත්‍රී 8.00ට විකාශය වන සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ අනුකි චරිතය තුළිනුත් ඇය අප පිංවන්නීය.යොවුන් රංගනශිල්පී නිවේදිකා දසුනි නවෝද්‍යා නම් ඈ සමඟයි මෙවර අපේ කතාබහ.

දසුනි කලාවට ආවේ කොහොමද?

අයි. ටී. එන් 2021 අවුරුදු කුමරිය ජයග්‍රහණය කිරීමත් සමඟින් තමා මට කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ.

ප්‍රථමයෙන් රඟපෑවේ?

මුලින්ම ලලිත් වසන්ත මහත්තයා මට ස්ක්‍රීන් ටෙස්ට් (ඉජපඥඥද බඥඵබ) එකකට කතා කරනවා. ඒකෙන් පස්සේ මට ටෙලි නාට්‍යයක පොඩි අවස්ථාවක් ලබා දුන්නා. එහෙම තමා රඟපෑමේ ආරම්භය සිදුවන්නේ.

ඊට පස්සේ?

මම වසර දෙකක් පමණ රඟපෑම් කටයුතු කළේ නැහැ. නිවේදන කටයුතු දිගටම කළා. ඊට පස්සේ තමයි

රෝස සුදුයි ආදරේ කියන ටෙලි නාට්‍යයේ ඩොක්ටර් නිත්‍යා ගේ චරිතය ලැබුණේ. ඒක ගොඩාක් මතක හිටින ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. අදටත් ඒ ගැන බොහෝ දෙනා කතා කරනවා. මාව හමු වුණාම.

මේ දවස්වල දසුනි අපිට හමු වන්නේ සිරස රූපවාහිනියෙන්. සතියේ දිනවල රාත්‍රී 8.00ට යන සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයෙන්.

එහි ඔබේ චරිතය ගැන කිව්වොත් අනුකි තමා චරිතයේ නම. ඒක ටිකක් සැර පරුෂ චරිතයක්.

අනුකි වගේම සැබෑ ජීවිතේ දසුනිත් සැර පරුෂ කෙනෙක් බව කියනවා. ඒක ඇත්තද?

එහෙමමත් නෑ අයියේ හැබැයි මම කෙළින් වැඩ කරන කියන්න තියන දේ මුණටම කියන අයෙක්. ඒක මගේ හැටි. ගොඩාක් මාව දන්න අය ඒ ගැනත් දන්නවා. මම හොඳටත් එහෙමම තමා.

සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයට මේ අවස්ථාව ඔබ‍ට ලැබෙන්නේ කොහොමද?

සද්ධා මංගල (සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා) මහත්තයා තමා ඒකට මට කතා කරන්නේ.

රූගත කිරීම්වලදී අමතක නොවන දේවල් මොනවාද?

මම මීට පෙරත් මාධ්‍යයක කිවුවා අයියා. මගේ මේ අනුකි චරිතයේ මගේ අක්කා ලෙස රඟපාන ශිරෝෂි අක්කා (ජනප්‍රිය රංගන ශිල්පිනී ශිරෝෂි රොමේෂිකා) මට කම්බුල් පහරක් ගහන අවස්ථාවක් තිබ්බා. ඒ සීන් ඒක දෙතුන් පාරක් ගත්තා. මට ඒකට ගහන පාරවල් සැරට වැදුණා. පස්සේ ශිරෝෂි අක්කා මගේ ළගට ඇවිත් ඒ ගැන ඇහුවා. ඇත්තටම ඇය හරිම ආදරණීයයි. මට තව මේකේ දුවගෙන යන්න අවස්ථාවක් තිබුණා. එතැනදී මම වැටුණු අවස්ථාවක් තිබුණා. ඒ වගේ දේවල් තමා ඉතින්.

දසුනි නිවේදිකාවක් ලෙසත් මේ දවස් වල ඉන්නවා නේද?

ඔව් අයි. ටී. එන් (ස්වාධීන රූපවාහිනී සේවයේ) එකේ උදෑසන වැඩසටහන්, සංගීත වැඩසටහන් තව අවුරුදු වැඩසටහන් වගේ වැඩසටහන් කිහිපයකම නිවේදිකාවක් ලෙසින් කටයුතු කරගෙන යනවා.

මම දසුනිගෙන් මෙහෙම ඇහුවොත් වඩාත් කැමති නිවේදනයටද? රංගනයටද?

ඇත්තටම අයියා ඔය ප්‍රශ්නේ ගොඩාක් අය මගෙන් අහනවා. මට පුළුවන්තාක්කල් නිවේදනයයි රංගනයයි දෙකම බැලන්ස් (සමබරව) කරගෙන යනවා. තව මේ වෙනකොට මම කැම්පස් එකේ වැඩෙත් කරගෙන යනවා. මේ යන්නේ දෙවෙනි අවුරුද්ද.

කැම්පස් එකේ වැඩේ කිවුවේ මොකද්ද?

මම දැනට මාධ්‍ය පැත්තෙන් මාස්ටර් ඩිග්රිය හැදාරීමේ කටයුත්ත කරගෙන යනවා.

එතකොට රංගනය පැත්ත හදාරන්න අදහසක් නැද්ද?

ඔව් ඒ ගැනත් මම අවධානය යොමුකරලයි තියෙන්නේ. දැනට ප්‍රසන්න මහගමගේ සර්ගෙන් රංගනය පිළිබඳ හදාරමින් ඉන්නේ.

සර්කස්කාරයෝහි අනුකිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මුලින් මුලින්නම් මේ චරිතයට ගොඩාක් දෙනා බැන්නා. ඒත් දැන්නම් එහෙම නෑ. පාරේ ගියත් මාව වෙන තැනක වුණත් දකින අය ළගට ඇවිත් මාත් එක්ක කතා කරලා චරිතය ගැන කියනවා. හොඳට රඟපානවා කියලත් කියනවා.

ඉස්සරහට ඔයාව දකින්න නිර්මාණ එහෙම තියනවාද?

දසුනිගේ වයස කිවුවොත් දැන් පෙම්වතියක්ද?

නැතිනම් මොනවගේ අයෙක්ද හොයන්නේ? කලාවේ අයෙක්ද වෙනත් ක්ෂේත්‍රයක කෙනෙක්ද?

කවදාවගේද දසුනිගේ විවාහය සිදුවන්නේ?

අවසාන වශයෙන් යමක් කියන්න තියනවාද?

මේ දවස් වල නාට්‍ය තුනක ෂූටින් යනවා. එකක වැඩ ඉවර කරලත් තියෙනවා. ඉස්සරහට මාව අලුත් නිර්මාණ වලින් දැක ගන්නත් ලැබේවි. මම ලොකු වයසක් ඇති අයෙක් නොවේ. මගේ වයස කිව්වහම අනේ ඔයා ඔච්චර පොඩිද කියලා අහනවා.

නෑ තවම මම තනිකඩයි. මම පෙම්වතියක් නොවේ. මට පෙම්වතෙක් හොයාගන්න තව කල් තියෙනවා. දැන් මම මගේ කලාවේ නිවේදන, රංගන වැඩ මගේ ඉගෙනිමේ වැඩ කටයුතුවලට මුල්තැන දෙමින් වැඩ කරගෙන යනවා.

ඇත්තටම මට අවංකව ආදරය කරන මගේ අම්මට තාත්තටත් ආදරය කරන මොකද එයාලට දරුවෙකුට කියලා ඉන්නෙ මම විතරයි. හොර බොරු වංචා නැති අයෙක් මා හොයන්නෙ අතර මඟදි විශ්වාසය කඩකරලා දාලා යන අය මුණ ගැහෙන්න එපා කියලා තමයි මං ප්‍රාර්ථනා කරන්නේ. ඒකෙනා මොන ක්ෂේත්‍රයක වුණත් ප්‍රශ්නයක් නෑ. හොඳ මනුස්සයෙක් වෙන්න ඕනි.

දැන්ම නම් මම විවාහයට හද්දිස්සි වෙන්නෑ. මට ලැබෙන කෙනා ආශ්‍රය කරලා බලලා හොද විශ්වාසයක් ඇති අයෙක්ද මට ගැළෙපෙනවද ජිවිත කාලයටම මාව හොඳින් බලා ගන්න මගේ අම්මට තාත්තට සලකගෙන ඉන්න පුළුවන් විදිහෙ අයෙක්ද කියලා බලන්න ඕනෙ. තව මගේ කලාවේ වැඩවලට හැම විටම ශක්තියක් වෙමින් උපරිමයෙන් ඒවට සහයෝගය ලබා දෙමින් මේ ෆීල්ඩ් එක ගැන හොද අවබෝධයකින් තව දිගටම වැඩකරගෙන යන්න ඉඩදෙන මුළු ජීවිත කාලයටම මාත් එක්ක ආදරයෙන් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මට අවශ්‍ය කෙනා අවශ්‍ය කාලෙට ලැබෙයි. ඒ කියන්නේ උරුම කෙනෙක් ඉන්නවානේ. එහෙම කෙනෙක් මටත් ඇති. එයාව ලැබුණු දවසට තව අවුරුදු 5කින් වගේ මගේ විවාහය සිද්ධ වේවි.

ආනාගතයේ මගේ ප්‍රධානම බලාපොරොත්තුව තමා මගේ අම්මා තාත්තා මොකද එයාලට ඉන්නෙ මම විතරයි දරුවෙකුට කියලා. ඒ දෙන්නව හොඳින් රැකබලාගෙන ඔවුන්ට හොදට සැලකීම. තව මගේ අධ්‍යාපන වැඩ කටයුතු රඟපෑමේ වැඩ කටයුතු ඉදිරියටත් හොඳ විදිහට කරගෙන යන්න තමා මගේ බලාපොරොත්තුව.

හේමන්ත බණ්ඩාර

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *