Wed. Jan 22nd, 2025

ආපනශාලාවක බත් පිගානේ මියගිය කැරපොත්තෙක්…!

හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටිම සම්බන්ධයෙන් එම ආපනශාලාවේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ මස (31) දින නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

දිවා ආහාරය ලබාගනිමින් සිටියදි පිගානේ මියගිය කැරපොත්තෙකු සිටිම සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකිමක් නොකල නිසා පාරිභෝගිකයා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම ආපනශාලාව වෙත ගොස් විමර්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත දැනුම් දි ඇත.

ඒ අනුව එම ආපනශාලාව අපිරිසිදුව පවත්වාගෙන යාම ඇතුළු චෝදනා හතරක් යටතේ එහි හිමිකරුට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බවත්, හැටන් නගරයේ මෙවැනිම ආකාරයෙන් අපිරිසිදු අයුරින් ආපනශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් රැසකට එරෙහිව මේ වන විට නෛතික පියවර ගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *