Mon. Jan 20th, 2025

පොල් හිඟය තාවකාලිකයි.. ඉක්මනින් විසදනවා – කෘෂි නි.ඇමති නාමල් කරුනාරත්න

පවතින පොල් හිඟයට මේ වනවිට විසඳුම් ලබා දෙමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුනාරත්න මහතා පැවසීය.

සාමාන්‍යයෙන් මෙම මාස වල පොල් ඵලදාව ඉතා අඩුය.

අගෝස්තු මාසයෙන් පසු වාර්ෂිකව පොල් ඵලදාව අඩු බව පැවසීය.

මේ අතර මේ වනවිට රට තුළ පොල් ඉල්ලුමට සැපයුමක් ලබාදීමට නොහැකි වී තිබේ.

මේ වනවිට වෙළඳ පොළ තුළ පවතිනුයේ තාවකාලික පොල් හිඟයක් බව වැඩිදුරටත් පැවසීය.

ඊයේ පොල් අසූදාහක් ලැබුනා..! – සතොස සභාපති

රජයේ වතුවලින් දෛනිකව පොල්ගෙඩි ලක්ෂ එකහමාරක් ඉදිරියේදී අලවි කිරීමට බලාපොරොත්තු වන බව ලංකා සතොස සභාපති සමිති පෙරේරා මහතා පැවසීය.

පොල් ගෙඩි 80,000 ප්‍රමාණයක් ඊයේ (09) දිනයේදී ලැබුණු බව පැවසීය.

වැඩි ප්‍රමාණයක් සහනදායී මිලට පොල් සතොස හරහා අලවි කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *