සිද්ධිය ගැන සමාජයේ බොහෝ දෙනා අතර මේ වනවිට කතාබහ නිර්මාණය වෙලා තියනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය වෙත ඊයේ රාත්‍රියේ භාරදී තිබෙනවා…
සැකකරු ඊයේ පෙරවරුවේ ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේදීයි..
ගල්නෑව පොලිසිය හමුවේ මොහු සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර ගැනීමට මේ වන විට හැකියාව තිබෙනවා..
ඔහු එහිදී සදහන් කර ඇත්තේ තමන් බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණෙමින් සිටින අතර, මුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් අදාළ වෛද්‍යවරිය සිටි නේවාසිකාගාරය වෙත ගිය බවයි..
එහිදී වෛද්‍යවරිය පමණක් නේවාසිකාගාරයේ සිටිනු තමන් දුටු බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ..
එමෙන්ම, සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා..
එමෙන්ම, සැකකරු ප්‍රදේශයේ නිවාස රැසක් බිද භාණ්ඩ සොරාගෙන ඇති බවට මේ වන විට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මොහු මෙරට නම ගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ද නම සටහන් වූ පුද්ගලයෙකු බවට ද තහවුරු වී තිබෙනවා..
සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඊයේ නියෝග කළා..
මෙම සිද්ධියට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ උදෑසන 08ට ආරම්භ කෙරුණු සංකේත වර්ජනය අද උදෑසන 08ට අවසන් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ..
මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් අපහසුතාවකට පත් වුණා..
Source – Hiru Gossip