Sun. Jan 19th, 2025

සහල් නෑ.. පොල් නෑ.. කියන විපක්‍ෂයේ කතාවලට අහුවෙන්න එපා..ඔවුන්ට ඕනෑ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරන්න..! – ඇමතිනී සරෝජා (VIDEO)

සුඛෝභෝගි වාහන පැදීමට හෝ ඒවායේ දොරවල් ඇරීමට සේවකයන් තබා ගැනීමට විශේෂ ආශාවක් නැතැයි ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.

වාහනයක් වුවමනා වෙන්නේ තම කාර්ය වඩාත් කාර්යක්ෂම සිදුකිරීම සඳහා පමණක් යයිද ඇය කියා සිටියි.

නව රජය යටතේ කිසිවෙකුට වාහන බලපත්‍රයක් ලබා නොදෙන බවත් අදාළ රාජකාරියට පමණක් වාහනයක් ලබා දෙන අතර වසර පහ අවසානයේ වාහන ආපසු භාරද යුතු බවත් ඇය කියා සිටින්නීය.

ඇය මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

සහල් පොල් නැතැයි විපක්ෂයෙන් චෝදනා එල්ල කරන්නේ ඉදිරි මැතිවරණයට පෙර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ දේශපාලන උපක්‍රමයක් වශයෙන් යයි කී ඇය ඒවාට ජනතාව හසු නොවිය යුතු බවද කියා සිටියාය.

කෙසේ වෙතත් කණගාටුවකට ඇත්තේ මහ මැතිවරණයෙන් පසු ජවයෙන් වැඩ කිරීමට තිබූ අවස්ථාව වර්ෂාව හා ගංවතුර නිසා බාධා වීම බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

සහ පොල් නැතැයි විපක්ෂයෙන් චෝදනා එල්ල කරන්නේ ඉදිරි මැතිවරණයට පෙර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ දේශපාලන උපක්‍රමයක් වශයෙන් නේද කී ඇය ඒ සඳහා ජනතාව හසු නොවිය යුතු බවද කියා සිටියාය.

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *