Thu. Jan 23rd, 2025

දුම්රිය Online ටිකට් මහ ජාවාරමෙක් ටිකට්පත් 21ක් එක්ක අල්ලයි..!

මහනුවර පොලිස් වසමේ සුදුහුම්පොල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක් සිදුකල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670/=ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

ඇල්ල ඔඩිසී E ටිකට් වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට.!

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ දුම්රිය E ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සහ පරීක්ෂණ කටයුතු අනුවය.

සැකකරුකරු සතුව තිබී ඒ දුම්රිය E ටිකට් 92ක්ද හමුව තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම ටිකට් පත් සංචාරකයින්ට සහ අනෙකුත් සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟතබා ගත් බවට කරුණු අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකය විසින් ඔවුන්ට ලත් තොරතුරකට අනුව E ටිකට්පත් 29 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000 ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අනුව, E ටිකට් පත් චංවාව සිදුකර මෙම ටිකට් පත් වෙනත් පාර්ශවයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.

සැකකරුවන් තිදෙනා අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *