හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල ඉහල ගොස් ඇති එලවළු මිල හේතුවෙන් කොස් දෙල් පොලොස් මිලද ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසති.
මෙම ප්‍රදේශ තුල මේ වන විට බෝංචි, වම්බටු කිලෝව රුපියල් 550ත් 600ත්, නෝකෝල් රුපියල් 480ත් 500ත්, කැරට් රුපියල් 300ත් 320ත්, පතෝල රුපියල් 480ත් 500ත් වැටකොළු රුපියල් 500ත් 550ත් මෑකරල් රුපියල් රුපියල් 480ත් 500ත්, ලික්ස් රුපියල් 340ත් 350ත්,වට්ටක්කා රුපියල් 300ත් 350ත් මාළු මිරිස් රුපියල් 1000ත් 1200ත්, අමු මිරිස්රුපියල් 1400ත් 1500ත් වැනි මිලකට අලෙවි වෙයි.
එලවළු මිල මෙසේ ඉහල යාමත් සමග දෙල් ගෙඩියක් රුපියල් 300ත් 350ත්, පොලෝස් ගෙඩියක් රුපියල් 250ත් 300ත් කපන ලද කොස් ක්‍රිලෝවක් රුපියල් 200ත් 250ත් දක්වා ඉහල ගොස් ඇත.
එලවළු වෙළදුන් පවසන ලද්දේ මේ වන විට එලවළු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවය.
මෙසේ එලවළු මිල ගනන් ඉහල යාම තවත් මාස දෙක තුනක් පමන මෙලෙස පැවතිය හැකි බවත් පැවති අයහපත් කාලගුණික තත්වයන් මත එලවළු වගාවන් විනාශයට පත් විම එලවළු මිල දැඩි ලෙස ඉහල යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවද එම වෙළදුන් වැඩි දුරටත් පවසන ලදි.
– මනුර සුදත් සෙල්ලහේවා