Thu. Jan 30th, 2025

සීට් උඩින් ගිහින් ටිකට් දීපු කොන්දොස්තර – මගීන් දැඩි අපහසුතාවයට..!

කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ පෞද්ගලික බස්රථයකට මගීන් අධික ලෙස පටවා ගැනීම හේතුවෙන් බස් රථයේ කොන්දෙස්තර විසින් මගින්ගෙන් මුදල් අයකරගැනීමට වෙනස්ම ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වීමක් පිළිබඳව වාර්ථාවෙයි.

අදාල පෞද්ගලික බස්රථය කිලිනොච්චිය සිට මුහමාලෙයි දක්වා ධාවනය කොට ඇති අතර එහිදී බස්රථයට මගීන් පටවාගෙන ඇත්තේ මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්කරගනිමිනි.

එහිදී මගීන් බස්රථයේ අධික ලෙස පටවාගෙන යාම හේතුවෙන් කොන්දොස්තර වරයාට මගින්ගෙන් මුදල් ලබාගැනීමටද නොහැකි වීම නිසා කොන්දොස්තරවරයා බස්රථයේ සීට් උඩින් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

කොන්දොස්තරවරයාගේ මෙම හැසිරීම හේතුවෙන් සීට්වල සිටි මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතරම මගින් විසින් චෝදනා කොට ඇත්තේ අධික ලෙසින් මගීන් පෞද්ගලික බස් රථවලට පැටවීම මගින් අනතුරු අවධානමක්ද පවතින් හෙයින් වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසටයි.

 

– වන්නි රොමේෂ් මධූෂංක

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *