Wed. Jan 15th, 2025

ජනපති අනුර චීන ජනපති හමුවේ –  එළැඹෙන ගිවිසුම් හත මෙහෙමයි..!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර සාකච්චා ආරම්භ වී ඇත.

චීන මහජන ශාලාවේදී එරට වේලාවෙන් පස්වරු 5.00ට එම හමුව ආරම්භ වී ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබිණි.

මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.


තවද මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

 එළැඹෙන ගිවිසුම් හත මෙහෙමයි..!

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවු දින නිල සංචාරය   (14) සිට 17 වැනිදා දක්වා සිදු කෙරනු ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාව සහ විනය අතර ආයෝජන, විදුලිබල ක්ෂේත්‍රය. ධීවර කර්මාන්ත සහ ආරථිකය ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් 7 කට අත්සන් තැබීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අවබෝධතා ගිවිසුම්වලට අමතරව වින ජනාධිපතිවරයා සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා වටයද පැවැත්වීමට නියමිත බවත්, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කැපවීම් වලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා චීනය ලබාදී ඇති සහාය ඇතුළුව තවත් ද්වි පාර්ශ්වික වටිනාකමක් ඇති කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අගමැති ලී කියැන්ග් සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලේදී මුණගැසීමට නියමිත බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

යෝජිත අවබෝධතා ගිවිසුම්වලට කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ තාක්ෂණය වැනි අංශ ද ඇතුළත් වන බව අමාත්‍ය හේරත් මහතා පැවැසීය.

එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහීනී ජාලය ඩිජිටල්කරණය කිරීමට චීනයේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අතරමග නැවතී ඇති මාර්ග ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කිරීමට ද නියමිත බව අමාත්‍ය විජිත හේරත්
මහතා පැවසුවේය.

– දමිත් වික්‍රමසේකර

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *