Wed. Jan 8th, 2025

වාහන කලුකඩ මුදාලාලිලා බිස්නස් රැකගන්න බොරු බේගල් ලොරි පිටින් ඇද බායි – දැන් විනිමය අනුපාත කතාවක් කියයි

වාහන ආනයනයේදී දැනට පවතින බදු සීමාවන් වෙනසකට ලක් කළහොත් වෙළඳපොලේ වාහන අලෙවි වන මිලද වෙනස් වනු ඇති බව වාහන වාහන කලුකඩ මුදාලාලිලා කියා සිටිති.

වාහන යළි ගෙන්වීමේ ආරම්භ කිරීමෙන් පසු අලෙවි කළ හැකි ඇස්තමේන්තු මිල ගණන් දක්වා ඇත්තේ පවතින බදු අනුපාතයන් යටතේ බවද ඔවුන් කියා සිටිති.

නමුත් රජය විසින් බදු අනුපාත ඉහළ දැමුවහොත් වාහන මිලද ඉහළ යනු ඇති බවත් ඒවා පහළ දැමුවහොත් වාහන මිලද පහළ යනු ඇති බවත් ඔවුන් පවසති.

රජය ඒ ගැන කිසිත් නොකියන අවස්ථාවකයි මොවුන් මේ හිතලු ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් කියන්නේ, දැනට මෙරට වෙළඳපොළේ ජපාන මෝටර් රථයක් සදහා නිෂ්පාදිත මිල මෙන් ආසන්න වශයෙන් 300%ක පමණක් බදු ප්‍රමාණයක් එක්වන බවත්ය.

මීට පෙරද මෙම 300% බදු අය කරද්දිත් දැන් පවතින කෘතිම මිලට වඩා විශාල අඩු ප්‍රමාණයකුයි වාහන මිල ගනන් පැවතියේ.

එම නිසා රට තුළ පවතින භාවිතා කරන ලද වාහන මිල ගණන් ඉතා ඉහල ගොස් ඇත්තේ වාහන ආනයනය සීමා කිරීම නිසා සැපයුම අඩුවීමෙන් බව සහ ඔවුන්ගේ කෘතිම මිල වැඩි කිරීම මත නිසා වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග ඒවා සාමාන්‍ය මට්ටමට පැමිණෙනු ඇති බව අප විශ්වාසය පළ කරනවා

 

වාහන ආනයනය කිරීම ආරම්භ කරන්නේ පැවැති බදු අනුපාත යටතේමද නැතිනම් වෙනත් බදු අනුපාත ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේදැයි මුදල් අමාත්‍යංශයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් නැති බව ආනයනකරුවන් තවදුරටත් කියා සිටිති.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *