“ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙස බලමින් පැවසීය.
” අශෝක රන්වල ඉවත් උනේ මේ මොහොතේ උපාධි සහතික ඉදිරිපත් කරන්න බැරි වූ නිසා. උපාධිය නැති නිසා නොවේ. එතුමා ඒක ඉදිරිපත් කරන්න යම් කාලයක් ගන්නවා.විපක්ෂ නායකතුමාට සමාජ මාධ්‍යයෙන් චෝදනාවක් තියෙනවා.හර්ෂ ද සිල්වා මහතාගේ උපාධිය ගැන අද කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑනේ.නමුත් සජිත්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරනවානේ. ඔබතුමා ඒක ඉදිරිපත් කළා නම් හරි, යනුවෙන්ද නලින් නලින්ද ජයතිස්ස මහතා කීය.
ඊට පිළිතුරු ලෙස තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“උපාධි සහතිකය ඉදිරිපත් කරන්නැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මගෙන් ඉල්ලීමක් කළා.මා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික හෙට උදේට මේ සභාවට ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.උපාධි සහතිකය පමණක් නොවේ.ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)