උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්තිකාමරවල දරුවන් රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝදුරට ඈත්වෙමින් සිටිනවා. කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතුයි.
පූර්ව ළමා විය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්රස්ථා සෑම දරුවකුටම විවිරව තිබිය යුතුයි. පුද්ගල හා සමාජ පරිවර්තනයක් සිදු කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත්.
ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය සිදු කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට අපේ රජය ක්‍රියා කරනවා. සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්රතිපාදනයක් ම අපි සලකන්නේ රටේ ඉදිරි ආයෝජනයක් ලෙසයි. දිගුකාලීන ප්රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා..
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මේ අතර තමන් උගන්වන පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට නිකුත් කල චක්‍රලේඛය ඊට අදාල නොවන විෂයක අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් පසුගියදා නවත්වන ලදී. හිටපු වෘත්තිය සමිති නියෝජිතයෙක්ද වන අදාල අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් වූ අතර පසුව ගැටළුව සම්බන්ධයෙන් යළි සමාලෝචනය කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු මෙම චක්‍රලේකනය අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි.
දැනටමත් සබරගමුව පළාත තුළ මෙම නීතිය ක්‍රියාත්මක වේ. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේකනය පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ද යොමු කර තිබුනේ එම රෙගුලාසි පිළිබඳ දැනුවත් කරන ලෙසත් ඒවා කඩ කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් දැනුම් දෙමිනි. ලංකා ගුරු සංගමයේ විධායක සහිත අශෝක චන්ද්‍රසේකර ප්‍රකාශ කරන්නේ රටපුරා ඇති සියලු ටියුෂන් පන්ති නියාමනයකට ලක් කළ යුතු බවය. හොඳ ගුරුවරයෙකු කිසි දිනෙක පාසලෙහිදී තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන් තම ටියුෂන් පන්තියට ගෙන්වා නොගන්නා බවද ඔහු කීවේය.
ටියුෂන් මාෆියාව පරදවන්න දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ඇප් එකක් තුලින් දරුවන්ට උගන්වන්න – විද්වතුන්
මේ සියල්ල මේ ආකාරයට ක්‍රියාත්මක වෙද්දි ටියුෂන් මාෆියාව විසින් සූරා කමින් සිටින මේ රටේ අහිංසක දෙමව්පියන්ගේ සල්ලි රැකගැනීම වෙනුවෙන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සිටින විද්වතුන් ප්‍රකාශ කර සිටිනවා.
දියුණු රටවල ක්‍රියාත්මක වෙන දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ඇප් එකක් තුලින් හොඳ ගුරුවරුන් පුහුණු කොට ඒ තුලින් රටේ සෑම අස්සක් මුල්ලක් පුරා විසිරී සිටින මේ රටේ සුවහසක් දරුවන්ට දැනුම ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවටයි ඔවුන් යෝජනා කර සිටින්නේ. ඒ සඳහා වැඩපිලිවෙලක් හැකි ඉක්මනින් ගෙන ආ යුතු බවට ඔවුන් වැඩිදුරටත් යෝජනා කර සිටිනවා.
දැනටමත් දරුවන්ට නොමිලේ උගන්වන ඇප් එකක් තියෙනවා
මේ පිළිබඳව අප කල සොයා බැලීමකදී මේ වනවිටත් ශ්‍රීලංකාවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපනික යෙදවුමක් (ඇප් එකක්) ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම ඇප් එක නොමිලේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
පාසල් විෂය නිර්දේශය අන්තර්ජාතික ක්‍රමවේදයන් ඔස්සේ දරුවන් වෙත මෙම ඇප් එක නොමිලේම ක්‍රියාත්මක වීම ටියුෂන් මාෆියාව ඔස්සේ සූරාකමින් පවතින දෙමව්පියන්ට ඉමහත් අස්වැසිල්ලක් වන බවටයි අපට නිරීක්ෂණය වුනේ.