Thu. Jan 23rd, 2025

වේයාන්ගොඩ මහා නිධානයෙන් ගොඩගත් දේ මෙන්න..!

මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම් අසල වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ සිදුකරන ලද නිධන් කැණීමේ කටයුත්ත නවතා දමා ඇත.

නිධානයක් ඇතැයි කැණීම් සිදුකළ ස්ථානයෙන් ගොඩ ගෙන තිබුනේ විශාල ප‍්‍රමාණයේ ගල් කිහිපයක් පමණි.

ඒවාද විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කිරීමෙන් පසු කැනීම් කටයුත්ත අවසන් කර ඇත.

ඉන් අනතුරුවද විශේෂ කාර්‍ය බලකාය විසින් පොලොව අභ්‍යන්තර පරීක්ෂාවකට ලක්කර පැවසුනේ තවත් කිසිවක් ගැන සංඥා නොලැබෙන බවයි.

අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයේ නිදන් හැරීම හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීමට අධිකරණයේ නියෝගයක් මත මහජනතාව ඉදිරියේ මෙලෙස නිධන් කැණීම සිදුකරන ලදී.

මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කර සදහන් කර ඇත්තේ එම ප‍්‍රදේශයේ පුරාවස්තු කිසිවක් නොමැති බවයි.

කෙසේ වෙතත් කැණීම් කටයුතු දැක බලා ගැනීමට පැමිණි ඇතැමුන් මාධ්‍ය වෙත පවසා සිටියේ නිධන් ගැනීමේ කටයුත්ත මේ ආකාරයෙන් කල නොහැකි බවත් නිධානයට අරක් ගත් බහිරවයා විසින් එහි ධනස්කන්දය අතුරුදන් කරන්නට ඇති බවත්ය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *