2021 අප්‍රේල් මාසයේ සිට ලංකාවේ පොහොර තහනම ක්‍රියාත්මක කිරීම නිසා 2022 වසර තුළ මෙරට වී නිෂ්පාදනය මෙටි්රක් ටොන් 17,56,700කින් පමණ පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
මේ නිසා 2022 වසර තුළ මෙරට සහල් නිෂ්පාදනය මෙටි්රක් ටොන් 11,94,550කින් පමණ පහළ ගොස් ඇත.
2023 වසර වනවිට 2021 වසරේදී පැවැති වී නිෂ්පාදන මට්ටම කරා අපට ළඟා වීමට නොහැකි වී ඇත.
එනම් 2021දී රටේ වී නිෂ්පාදනය මෙටි්රක් ටොන් 51,49,596ක් වූ අතර, 2022දී එය 33,92,905 දක්වා පහළ ගොස් තිබූ අතර, 2023 යල සහ මහ කන්නවලදී ලබාගැනීමට හැකිවී තිබුණේ මෙටි්රක් ටොන් 45,13,431ක් පමණි.
එනම්, 2021 හා සංසන්දනය කර බලන විට වී මෙටි්රක් ටොන් 6,36,165කින් පමණ අඩුවී ඇති බව පෙන්නුම් කරනු ලබයි.
ඒ තුළ අදාළ කාලයේදී සහල් මෙටි්රක් ටොන් 4,32,592ක් පමණ පහළ යෑමක් පෙන්නුම් කරනු ලබයි.
තවද 2019 වනවිට හෙක්ටයාර එකකින් සාමාන්‍යයෙන් වී කිලෝග්‍රෑම් 4,822ක් ලබාගත්තද 2023 වනවිට හෙක්ටයාරයකින් ලබාගැනීමට හැකිවී ඇත්තේ වී කිලෝග්‍රෑම් 3,688කි.
ඒ අනුව අදාළ වසර පහක කාලය තුළ මෙරට වී නිෂ්පාදනයේ ඵලදායීතාව 23%කින් පමණ පහළ ගොස් ඇති බව පෙන්නුම් කෙරේ.
රට තුළ වර්තමානයේ පවතින සහල් අර්බුදය සඳහා මේ කරුණුද යම් ආකාරයකට බලපෑ හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න
මව්රට