හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ අනුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.
යෝෂිතට මුල්‍ය විශුද්ධිකරණ චෝදනා – සාක්ෂි ප්‍රමාණවත් යයි නීතිපති කියයි..!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි. අදාළ වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිතුමා විසින් දන්වා සිටීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසීය.
ඔහු සම්බන්ධයෙන් අපරාධ විධි විධාන පනත අනුව දිරි කටයුතු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔහු කොළඹ බලා ගෙන එමින් ඇති එනු ඇති අතර ඉන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.