ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරයක් වන ලංකා විදුලි සේවක සංගමය නත්තල් උත්සවයට පෙර විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට බෝනස් දෙන්නැයි එම මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් හට පසුගිය වසර දෙක තුළ ප්‍රසාද දීමනාව දීමට හිටපු පාලනාධිකාරිය කටයුතු නොකළ හෙයින්, නව රජයේ පාලනය යටතේ විදුලිබල සේවකයන්ට එළඹෙන නත්තල් උත්සවයට පෙර එනම් දෙසැම්බර් 10 වන දිනට පෙර එම ප්‍රසාද දීමනාව දීමට කටයුතු කරන්නැයි එලෙස ඉල්ලා ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් සේවකයන් හට රුපියල් 75,000 සිට ලක්ෂ 2 දක්වා ප්‍රසාද දීමනා හිමිවන බවත්, ඉංජිනේරුවරයකුට රුපියල් ලක්ෂ 2 1/2 ක්ද, සාමාන්යාධිකාරීවරයකුට රුපියල් ලක්ෂ 09 ක තරම් ප්‍රසාද දීමනා හිමිවීමට නියමිත බවත් එම මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
‘‘ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් පාඩු ලබන ආයතනයක් නෙවෙයි. එය මේ වන විට ලාභ ලබන ආයතනයක්. එම නිසා සේවකයන්ට නත්තල් උත්සවය නිමිත්තෙන් බෝනස් දෙන්න පුළුවන්. පසුගිය කාලේ නවතා තිබූ බෝනස් නව රජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් හට දෙන්නැයි එහි සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළා’’ යැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසීය.
– සතිඅග අරුණ
ඉෂාර රත්නකාර