Mon. Jan 6th, 2025

කතරගම දේවාලයේ ආදායමින් වසරකට රෝහල් 5ක් හදන්න පුලුවන් – බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මැතිතුමා (Video)

මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීම ඊයේ සිදුකෙරුනේ රෝගී ජනතාවට ඉමහත් සැනසිල්ලක් එක් කරමිනි.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් වන ඩිෂාන් ගුණසේකර මැතිතුමාගේ උදාර සංකල්පයක් මත
මෙය සිදුකෙරුනා.

එමෙන්ම රුහුණු මහා කතරගම දේවාලය විසින් 2013 මාතර මහා රෝහලේ රුධිර කාන්දු පෙරන ඒකකය,
2024 මහරගම අපේක්ෂා මහ රෝහලේ වාටු සංකීර්ණය, 2024 කතරගම මහ රෝහලේ වැඩ කටයුතු ආරම්භ කිරීම, 2024 මොනරාගල මහ රෝහල, 2025 මහරගම මහ රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ නව ශල්‍යාගාරය වැඩ කටයුතු සිදු කර ඇත.

එදිදී අදහස් දක්වමින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් වන ඩිෂාන් ගුණසේකර මැතිතුමා කියා සිටියේ රුහුණු මහා කතරගම දේවාලයේ ආදායමින් වසරකට රෝහල් 5ක් පමන සාදා නිමා කිරීමට හැකි බවටයි.

 

“මේ ගොඩනැගිල්ල සෑදීම සඳහා අපි දේවාලයෙන් වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 176ක්. මේ වෙනකොට අපි කතරගම රෝහල, අලුත් රෝහලක් හැටියට අලුතින්ම ඉදිරි කරනවා.එතකොට අපේ දේවාලයේ ආදායම රුපියල් මිලියන 400ක් වෙනවා.. පෙරහැර කරන්නත් එක්ක වියදම යනවා මිලියන 150ක් විතර.එතකොට තව මිලියන 250ක් ඉතිරියි.එතකොට ඒ මුදලින් අවුරුද්දකට තව රෝහල් 5ක් විතර හදන්න පුලුවන්.”

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *