වාහන ආනයනයේදී මින් පසු තීරු බදු රහිත බලපත්‍රවලට අවස්ථාව නොලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
වාහන තීරු බදු රහිත ලෙස දැනටමත් විසි දහසක් පමණ ඉල්ලුම් කර ඇති නමුත් වාහන ආනයනයේදී එම අවස්ථාව ලබා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
එමෙන් ම, ලබන මස වාහන ආනයනය ආරම්භයේදී වාහන මිල ඉහළ යනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
වසර පහක් වාහන ආනයනය නතර කොට තිබූ අතර 2018 වසරේ වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් ද 2019 වසරේ ඩොලර් බිලියන 1.4ක් ද වැය කොට ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ, ඩොලරය එකසිය අනූවට තිබෙන විට ආනයනය කළ වාහන ඩොලරය තුන්සියයට ආසන්න මොහොතේ 40%කින් පමණ මිල වැඩි වීමක් සිදුවනු ඇති බව ය.
මහ බැංකුව සමග කොපමණ ඩොලර් ප්‍රමාණයක් වෙන් කළ හැකි ද යන්න සාකච්ඡා කර ඇති අතර එම ඩොලර් වාහන වෙළෙඳපොළ විවෘත කරන විට එනම් පෙබරවාරි මාසයේ එම වාහන සියල්ල ආනයනය කිරීමට කටයුතු කළහොත් ඩොලරයේ ද විශාල තෙරපුමක් ඇති විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එම නිසා ආරම්භයේදී වාහන මිල ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරට ත් පැවැසුවේ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
– අනුරාධා හේරත්රජයේ නිලධාරීන්ට පර්මිට්වලට වාහන නෑ… ඔවුනටත් වෙලදපලේ සාමාන්‍ය මිලටම..